computer tips & tricks

යාළුවන්ව පුදුම කරන්න Command Prompt එකෙන් Messenger චැට් කරන්න

     Facebook Messenger කියන්නෙ අපි නිතරම භාවිතා කරන ගොඩක් අයට නැතුවම බැරි යෙදවුමක්. පරිගණක වැඩ්ඩො ටිකට මේ කියන්න යන්නෙ තවත් කලර්(ස්) පෙන්නිල්ලක් ගැන. පරිගණක වැඩ්ඩෙක් කිව්වම ඉතින් යාළුවන්ට කලර්(ස්) පෙන්නන එක ඉතිං සාමාන්‍ය දෙයක්නෙ. ඔයාලා ගොඩක් වෙලාවට චිත්‍රපටි තුළදී දකින දෙයක් තමයි චිත්‍රපට වීරයෝ Command Prompt වගේ විධාන පරිශීලක අතුරු මුහුණතක් භාවිතා කරමින් චැට් කරන එක.
     තමන්ගෙ කලර්(ස්) පෙන්නන්න ඔන්න ඉතිං අවස්ථාව. ඔයාලට මේ කියන්නෙ Facebook Messenger චැට් කොහොමද Command Prompt තුළින් කරන්නෙ කියල. මේ සඳහා Facebook Messenger CLI කියන node based module එක භාවිතා කරනවා. ඒ කියන්නෙ ඔබේ පරිගණකයේ Node.js සහ Node Package Manager(npm) ඉන්ස්ටෝල් කරල තියෙන්න ඕන. Node.js මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

ස්ථාපන කර අවසන් වී එය තුළින් Node Package Manager(npm) එක ඉන්ස්ටෝල් කරගන්න. ඔබගේ පරිගණකයේ npm ස්ථාපනයෙන් පසු ඔබගේ Command Prompt එක විවෘත කරගන්න. දැන් පහත විධානයන් තුළින් පහත සඳහන් විධානයන් ලබා දෙන්න. (අන්තර්ජාල සම්බන්ධතාවක් අවශ්‍ය වේ)

 Facebook Messenger CLI ස්ථාපනය සඳහා මෙම විධානය ලබා දී එන්ටර් කරන්න. ඒ සඳහා සුළු මෙහොතක් ගත වේවි.
npm install -g fb-messenger-cli
සාර්ථකව අවසන් වූ පසු මෙම විධානය භාවිතා කරමින් Facebook Messenger CLI විවෘත කර ගැනීම සිදු කරන්න පුළුවන්.
fb-messenger-cli
සාමාන්‍ය භාවිතයේදී මෙන් ඔබට මෙහි චැට් කිරීම සිදු කරගත හැකියි. උපකාර අවශ්‍ය නම් මෙම විධානය ලබා දී එන්ටර් කරන්න.
/help

ඔන්න අද යාළුවන්ට කලර්ස් පෙන්නන්න අවස්ථාවක් දුන්නා. පුළුවන් හැමෝටම කියා දෙන්න.

ආශ්‍රිත ලිපි :-
  1. FAT32 ඩ්‍රයිව් එකක් NTFS බවට පරිවර්තනය කිරීම
  2. USB ඩ්‍රයිව් එකේ දෝෂ හොයන්න
  3. ඉමේජයක් තුළ ඔබගේ වටිනා ෆයිල් සඟවන්න
  4. Facebook Messenger රහස් 15ක්

About Hashan Athurugiriya

1 comments:

  1. Mango Habanero Hot Sauce - JTM Hub
    Mango 광주광역 출장마사지 Habanero Hot Sauce - 부천 출장샵 JTM 수원 출장안마 Hub. Mango Habanero Hot Sauce. 공주 출장마사지 $9.00. 이천 출장안마 Add to cart.

    ReplyDelete

Powered by Blogger.