computer tips & tricks

ලැප්ටොප් පරිගණකය නිවැරදිව භාවිතා කරමු


      ලැප්ටොප් පරිගණකය යනු එදිනෙදා ජීවිතයේදී බොහෝ සේ ප්‍රයෝජනවත් වන උපකරණයක්. හැබැයි ඒක නිවැරදිව භාවිතා නොකිරීම නිසා ප්‍රශ්ණ ගොඩයි. නිවැරදිව ලැප්ටොප් පරිගණකය භාවිතය තුළින් එහි ආයු කාලය වැඩි වන අතර හොඳ කාර්යක්ෂමතාවයකින් යුතුව ධාවනය වේ. එලෙසම අළුත්වැඩියා කිරීමට යාමකට වඩා එවැනි අවස්ථා වලින් පරිගණකය ආරක්ෂා කර ගැනීම වැදගත් වේ.
       ලැප්ටොප් පරිගණකය ජංගම භාවිතයට තනා ඇති නිසා විවිධ ස්ථාන වල සිට සාමාන්‍යෙයන් භාවිතා කෙරේ. එම නිසා තවත් කාර්යයක නිරතවන අතරතුරදීම ලැප්ටොප් පරිගණකය භාවිතා කිරීමටද බොහෝ දෙනා හුරුවී ඇත. මේ කියන්නෙ ලැප්ටොප් පරිගණකය අසලදී කෑම බීම ගැනීමට පුරුදු වී ඇති අයටයි. ඉස්සෙල්ලම බීම ගැන කියන්නම්.
      බොහෝ දෙනා ලැප්ටොප් පරිගණකයෙන් යමක් කියවන හෝ නරඹන අතරතුර කිරි, තේ, සිසිල් බීම වැනි දේ පානය කිරීමට පුරුදු වී සිටී. නමුත් දියර වර්ග ලැප්ටොප් පරිගණකය මත ඉහිරී යාම තුළින් පරිගණකයේ අභ්‍යන්තර උපාංග ලුහුවත් (Short Circuit) වීම තුළින් දත්ත හානි වීම හෝ අභ්‍යන්තර උපාංග දැවී යාමක් සිදුවිය හැක. කෙතරම් ප්‍රවේසම් වුවත් මෙවැනි දෙයක් වීමට වැඩි ඉඩක් පවතී. එම නිසා පෙරලීමකදී ඉහිරී නොයන ආවරණය කළ භාජනයක් භාවිතා කිරීම නුවණට හුරුය.
     ඊළඟට කෑම, තවත් බොහෝ පිරිසකගේ පුරුද්දක්. විශේෂයෙන්ම පාන්, බනිස්, බිස්කට් වැනි ආහාර වල කුඩා කැබලි යතුරු පුවරුවේ යතුරු අතර තැන්පත් වේ. මේ නිසා කූඹීන් වැනි සතුන් පරිගණකය අභ්‍යන්තරයට ඇදී ඒමෙන් අභ්‍යන්තර වයර් හා රබර් වලින් තනා ඇති කොටස් වලට හානි පැමිණවීම, එම සතුන් නිසා අභ්‍යන්තර උපාංග ලුහුවත් (Short Circuit) වීමෙන් පරිගණකයට හානි වීම සිදුවිය හැක. එසේම මෙවැනි ආහාර කැබලි, තෙල් හා කහට පැල්ලම් ආදිය නිසා ලැප්ටොප් පරිගණකයේ පෙනුමද අපිරිසිදු වේ. කල් යෑමේදී මේවා ඉවත් කිරීමට අපහසු වේ. එම නිසා කෑම බීම ගැනීමෙන් පසුව හොඳින් අත්
පිරිසිදු කිරීමෙන් පසු ලැප්ටොප් පරිගණකය භාවිතයට හුරු වන්න. එසේම ලැප්ටොප් පරිගණකය අසල සිට කෑම බීම ගැනීම පුළුවන් තරම් අවම හෝ එසේ නොකර සිටීමට වග බලා ගන්න.



      ලැප්ටොප් පරිගණකයක වැඩි සැළකිල්ලක් දැක්විය යුතු ආරක්ෂා කරගත යුතු වන්නේ එහි තිරයයි (display). ලැප්ටොප් එක වැසීමේදී සෑම විටම තිරය තද නොවන ලෙස මැදින් අල්ලාගෙන සෙමින් වසන්න. එක් පැත්තකට බර කර වැසීම තුළින්
තිරයට හානි වීමට ඉඩ ඇත. තවද තිරය වැසීමේදී යතුරු පුවරුව මත පෑන්, පැන්සල්, ඉයර්ෆෝන්, පෙන්ඩ්‍රයිව් වැනි උපකරණ ඇති දැයි පරීක්ෂා කර බලන්න. එසේ තිබියදී තිරය වැසුවහොත් තිරය තෙරපීම නිසා තිරය සීරීමට හෝ පළුදු වී හානි වීමට ඉඩ ඇත. එසේම තිරයෙන් අල්ලා ලැප්ටොප් එක එසවීමෙන් වළකින්න. එමඟින් පරිගණකයේ මුළු බර තිරය සවිවන සරනේරු මත යෙදෙන බැවින් ඒවා හානි විය හැක. සැමවිටම ලැප්ටොප් පරිගණකයට යටින් අත තබා ඔසවන්න. ලැප්ටොප් පරිගණකය වසා තිබියදී ඒ මත පොත් වැනි බරැති දේ තබන්න එපා. ඒ හේතුවෙන්
යතුරුපුවරුවට තිරය තද වීම නිසා තිරයට හානි විය හැක. තිරය සඳහා තිර ආරක්ෂකයක් යෙදිය හැකි නම් තිරයේ දුහුවිලි තැන්පත් වීම හා සීරීම් වලින් ආරක්ෂා වේ.



     ඊළඟට ලැප්ටොප් පරිගණකයේ පවර් කෝඩ් (Power Cord) එක ගැන සැළකිල්ලක් දැක්විය යුතුයි. පවර් කෝඩ් එක පරිගණකයෙන් ගැළවීමේදී කිසිවිටෙක වයර් එකෙන් අල්ලා ඇදීමෙන් වළකින්න. සැමවිටම පවර් කෝඩ් එකේ
කෙළවර ප්ලග් එකෙන් අල්ලා ගැලවීම හෝ සවි කිරීම කළ යුතුයි. එසේ නොවුනහොත් වයරය මැදින් බිඳී යා හැක. වයරය කකුල් වලට පැටලීමෙන් වයරය බිඳී යා හැකි බැවින් පොළව මතින් වයරය තැබීමේදී ඒ ගැන සැළකිලිමත් වන්න. එසේම පරිගණකයට උපාංග සම්බන්ධ කරන විට සවි කරන සොකට්ටුව නිවැරදිදැයි බලන්න. උදාහරණයක් ලෙස පෙන් ඩ්‍රයිව් එක නෙට්වර්ක් පෝට් එකට හෝ HDMI පෝට් එකට සවි කිරීමට උත්සහ කිරීම. මේ හේතුවෙන් සොකට්ටුවට මෙන්ම පරිගණකයටද හානි විය හැකියි.

     මීළඟට පරිගණකයේ Optical Drives ගැන සැළකිල්ලක් දක්වන්න. DVD ROM හි tray එක විවෘත කර තැබීමේදී වැදීම් වැනී දේ හරහා එයට හානි විය හැකිය. එසේම CD/DVD පරිගණකයට ඇතුල් කිරීමේදී ඒවා නිසි ලෙස නිවැරදිව ඇතුල් කිරීමට වග  බලා ගන්න. එසේම Hard Drive එක ගැනද විශේෂ අවධානයක් යොමු කරන්න. ඔබේ සියළුම දත්ත ඇත්තේ එය තුළයි. එයට හානි වීම ඔබේ වටිනා දත්ත නැති වීම කෙරෙහි හේතු වේ. ලැප්ටොප් පරිගණකය තදින් වැද්දීම, සෙලවීම, අධික උණුසුමට හා ශීත තත්ව යටතේ භාවිතය හා බලෙන් පරිගණකය ක්‍රියා විරහිත කිරීම මඟින් පරිගණකයේ හාඩ් ඩිස්ක් එකට හානි විය හැක. එසේම වාහනයක ගමන් කරන අතරතුරදී භාවිතයෙන් වැළකීම හා Shutdown කර රැගෙන යාම හාඩ් ඩ්‍රයිව් එකේ සෞඛ්‍යය කෙරෙහි ඉවහල් වේ.
      බොහෝ දෙනා ඇඳ මත හාන්සි වී සුවපහසු ලෙස ලැප්ටොප් පරිගණකය භාවිතයට හුරුවී ඇත. මෙය කෙතරම් සුව පහසු වුවත් ඇඳ මතුපිට ඇති කුඩා අංශු හා දුහුවිලි ලැප්ටොප් එක යටි පැත්තේ ඇති වා කවුළු වල තැන්පත් වීම නිසාවෙන් වා කවුළු අවහිර වේ. එම නිසා පරිගණකයේ වායු සංසරණය නිවැරදිව නොවන නිසා අධික ලෙස රත් වීම තුළින් පරිගණකයට දැඩි හානි ඇති විය හැක. සැම විටම සමතලා මතුපිටක් තුළ ලැප්ටොප් පරිගණකය භාවිතා කරන්න. එසේම වසරකට
වරක් හෝ බාහිර ආවරණය ගලවා වා කවුළු හා සිසිලන පංකා පිරිසිදු කළ හැකි නම් එය ලැප්ටොප් පරිගණකයේ ආයු කාලයට හා සෞඛ්‍යයට සුබ වේ.



      මීළඟට පරිසරයේ උෂ්ණත්වය අධික ලෙස අඩු හා වැඩි වීමද ලැප්ටොප් පරිගණකයට ගුණ නැත. ඩෙස්ක්ටොප් පරිගණකයට වඩා ලැප්ටොප් පරිගණකයක උපාංග ඉතා ලංව අසුරා ඇති බැවින් අභ්‍යන්තර උෂ්ණත්වය තරමක් වැඩිය. එම නිසා අධික ශීතලක සිට පරිගණකය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන තාප වෙනස නිසා හාඩ් ඩ්‍රයිව් වැනි උපාංග හානි විය හැක. එසේම කාර් වැනි වැසුණු රථයක් තුළ ලැප්ටොප්
පරිගණකය තබා යෑම නොකළ යුතු දෙයක්. එහි ඇති අධික උෂ්ණත්වය නිසා පරිගණකයට හානි විය හැක. අධික උණුසුම නිසා විශේෂයෙන්ම බැටරියේ ආයු කාලය අවම වීම කෙරෙහි බලපානු ලැබේ. සැම විටම පරිගණකය ක්‍රියාත්මක තත්වයේ ඇති විට හොඳ වායු සංසරණයක් ඇති විය හැකි තැනක භාවිතා කරන්න.
    
සෑම විටම ලැප්ටොප් පරිගණකය එහා මෙහා රැගෙන යෑමේදී ආවරණ බෑගයක් භාවිතා කරන්න. මෙමඟින් සීරීම්, තෙරපීම් මෙන්ම අනපේක්ෂිත වැටීම් වලින්ද ලැප්ටොප් පරිගණකයට ආරක්ෂාවක් ලැබේ.
      මෘදුකාංග පාර්ශවය සැළකුවහොත්, නිතරම ලැප්ටොප් පරිගණකයේ ඩ්‍රයිවර්ස් යාවත්කාලීන (Update) කර තබා ගන්න. එසේම හොඳ නිතරම යාවත්කාලීන කරන ලද ප්‍රතිවෛරස මෘදුකාංගයක්(Anti-virus Software) භාවිතා කරන්න. ඒ වගේම භාවිතා කරන මෙහෙයුම් පද්ධතියත් යාවත්කාලීන කිරීම වැදගත් වේ. Microsoft Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන පරිශීලකයන් නම් තමන් භාවිතා කරන්නේ නීත්‍යානුකූල පිටපතක් නම් පමණක් යාවත්කාලීන කිරීමට සිහි තබා ගන්න. ඒ වගේම තමයි පරිගණකය බැටරි බලයෙන් ක්‍රියා කරන විට පරිගණක ක්‍රීඩා, ත්‍රිමාණ සජීවීකරණ මෘදුකාංග, වීඩියෝ සංස්කරණ මෘදුකාංග වැනි පරිගණකයේ සම්පත් වැඩි ලෙස යොදා ගන්නා මෘදුකාංග භාවිතා කිරීමෙන් වළකින්න. එය බැටරියේ ආයු කාලය කෙරෙහි බලපානු ලැබේ. Power Settings නිසි අයුරින් සකස් කිරීම තුළින් පරිගණකයේ බැටරියේ ආයු කාලය දීර්ඝ කරගත හැක.
     ලැප්ටොප් පරිගණකයක් දීර්ඝ කාලයක් හොඳින් භාවිතා කිරීමට නම් ඉහත සඳහන් කල වැරදි පුරුදු වලින් වැළකී සිටීමට වග බලා ගන්න. හොඳ සෞඛ්‍ය සම්පන්න ලැප්ටොප් පරිගණකයක් තිබීම ඔබටත් හැම අතින්ම වාසි දායකයි.

About Hashan Athurugiriya

2 comments:

  1. Thank you. Very........good inform for us

    ReplyDelete
  2. ලැප්ටොප් පරිගණකය නිවැරදිව භාවිතා කරමු - Bytebite.Tech >>>>> Download Now

    >>>>> Download Full

    ලැප්ටොප් පරිගණකය නිවැරදිව භාවිතා කරමු - Bytebite.Tech >>>>> Download LINK

    >>>>> Download Now

    ලැප්ටොප් පරිගණකය නිවැරදිව භාවිතා කරමු - Bytebite.Tech >>>>> Download Full

    >>>>> Download LINK 4e

    ReplyDelete

Powered by Blogger.