games

අති සුපිරි ගණයේ පරිගණක ක්‍රීඩා හදන්න දැන් ඔබටත් පුළුවන් | CRYENGINE


     පරිගණක ක්‍රීඩා කිව්වම සමහර අයටනම් නැතුවම බැරි දෙයක්. අපි කොයි කවුරුත් දන්න, සෙල්ලම් කරන දෙයක් තමයි මේ පරිගණක ක්‍රීඩා. ඉතිං සමහර වෙලාවට ඔයාලටත් හිතිලා ඇති පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කරන්න. මේ කියන්නෙ පරිගණක ක්‍රීඩා නිර්මාණය සඳහා උදව් කරගන්න පුළුවන් ගේම් එන්ජින් එකක් ගැන.
     ගේම් එන්ජින් එකක් යනු පරිගණක ක්‍රීඩා නිර්මාණය සඳහා සෑදූ මෘදුකාංගයකි. පරිගණක ක්‍රීඩා නිර්මාණය සහ රෙන්ඩර් කිරීම සඳහා අවශ්‍ය සියළුම දෑ අඩංගු කර මෙම ගේම් එන්ජින් නිර්මාණය කර තිබේ. අපට අවශ්‍ය ගේම් නිර්මාණය කර ගැනීම සඳහා වෙන් වූ වේදිකාවක් වැනිය. මේ ලිපියෙන් කියන්නෙ එසේ නිර්මාණය වුණු අපට පහසුවෙන් ලබා ගන්න පුළුවන් ගේම් එන්ජින් එකක් ගැන.
     නමින් කිව්වොත් නම් CryEngine. CryEngine ගැන කිව්වොත් මේක හදල තියෙන්නෙ ජර්මානු සමාගමක් වන Crytek සමාගම. මේ ගේම් එන්ජින් එක භාවිතයෙන් නිර්මාණය වූ ඉතා ප්‍රසිද්ධ වාණිජමය ගේම් කිහිපයක් සඳහන් කළොත්, Crysis 3, Warface, Sniper: Ghost Warrior 2, Ryse: Son of Rome, Homefront: The Revolution, MechWarrior Online, The Memory of Eldurim, Crysis Warhead, Crysis 2, Farcry 1, Crysis, Blue Mars වගේ පරිගණක ක්‍රීඩා විශාල ප්‍රමාණයක් නම් කරන්න පුළුවන්.

     මේ මෘදුකාංගය නොමිලේම ලබා දෙන නිසා මේ පහල ලින්ක් එකෙන් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ සඳහා ඔයාලට CryEngine එකේ එකවුන්ට් එකක් සාදා එහි සාමාජිකත්වය ගන්නට සිදු වේවි. නමුත් මෙය 100%ක් නොමිලේ. එසේම එම එකවුන්ට් එක තුළින් ඔයාලට ලෝකෙ පුරා අනෙක් ගේම් ඩිවලොපර්ස් ගෙන් ඔයාලට උදව් ගන්න, බෙදා හදා ගන්න සහ තවත් විශේෂ පහසුකම් රැසකට හිමිකම් කියන්න පුළුවන්.
 Download CryEngine
     මම මේ මෘදුකාංගය ඉන්ස්ටෝල් කිරීම හා භාවිතය පිළිබඳ නම් කියන්න යන්නෙ නෑ. CryEngine වෙබ් අඩවියට ගියාම සහ යූ ටියුබ් එකට ගියාම ඔයාලට මේ ගැන දහස් ගණන් පාඩම් මාලා හොයා ගන්න පුළුවන්. හැබැයි සුපිරි ගේම් හදනවා නම් සුපිරි ගේම් ගහනව වගේ ඔයාගේ පරිගණකයේ performance එක තියෙන්න ඕන. ඒ ගැන විශේෂයෙන් මතක තියා ගන්න.
මෙම මෘදුකාංගය සඳහා අවම ලෙස මෙම සුදුසුකම් ඔබගේ පරිගණකය සපුරා තිබිය යුතුයි.
  • OS (TO RUN GAME):Windows 7, 8.1, 10 (32-bit or 64-bit)
  • OS (TO RUN EDITOR):Windows 7, 8.1, 10 (64-bit only)
  • PROCESSOR:Intel Dual-Core min 2GHz (Core 2 Duo and above) or AMD Dual-Core min 2GHz (Phenom II X2 and above)
  • MEMORY:4 GB RAM
  • GRAPHICS:NVIDIA GeForce 450 series or AMD Radeon HD 5750 series or higher (minimum 1 GB dedicated VRAM GDDR5)
  • DIRECTX:Version 11
  • HARD DRIVE:8 GB available space
  • SOUND CARD:DirectX Compatible Sound Card with latest drivers
CryEngine එකේ ඇති අති සුපිරි ග්‍රැෆික්ස් ඔයාලට අමුතු ආකාරයේ අත්දැකීමක් ලබා දේවි. සජීවී සමාන රූප, තත්‍ය කාලීන ඩිවෙලොපින් හැකියාව, වී.ආර්. සඳහා සහය, විශේෂයෙන්ම මේක 100%ක් නොමිලේ ලබා දීම වගේ විශේෂාංග රාශියකින් සමන්විතයි.




     මේ ගැන මම තවදුරටත් කියන්න බලාපොරොත්තු වන්නෙ නෑ. ඔයාලටම පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගෙන මේකෙ අත්දැකීම විඳගන්න. අපිත් බලාපොරොත්තු වනවා හොඳ උසස් ගණයේ පරිගණක ක්‍රීඩාවක් අපගේ බ්ලොග් පාඨක ඔබෙන් නිර්මාණය වේවි කියලා. එසේම එයට උපකාර කිරීමට අපත් සූදානම්.
 Download CryEngine

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.