computer tips & tricks

ඕනෑම චිත්‍රපටයක Direct Download Link එක සර්ච් එකෙන් ලේසියෙන්ම හොගන්න ක්‍රම

Get Direct Download Links of a movie
     අපි කවුරුත් චිත්‍රපට බලන්න කැමතියි. අද වන විට චිත්‍රපට නැරඹීම සඳහා ප්‍රධාන මාධ්‍යයක් ලෙස පරිගණක තාක්ෂණය උපයෝගී කරගන්නවා. ස්මාට් ජංගම දුරකථන හා ටැබ්ලට් පරිගණක නිසා මෙය තවත් ව්‍යාප්තව පවතිනවා. චිත්‍රපට නරඹනවා සේම ඒවා ඩවුන්ලෝඩ් කරන්නත් සෑහෙන වෑයමක් ගන්නවා. චිත්‍රපට ඩවුන්ලෝඩ් කිරීමට ජනප්‍රිය ක්‍රමය වන්නේ ටොරන්ට් මඟින් ඩවුන්ලෝඩ් කිරීමයි. නමුත් එහි බොහෝ අවාසිදායක තත්වයන්ද නැතුවාම නොවෙයි.
     ඒත් චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එක හොයාගන්න අපි පොඩි වෙහෙසක් දරනවා. බොහෝ දෙනෙක් ගූගල් එකේ සර්ච් කරනවා. ඒත් අපිට ලැබෙන වෙබ් සයිට් වල පොප් ඇඩ්, බොරු ලින්ක්, මැල්වෙයාර්, හා නොමඟ යැවීම් නිසා ලින්ක් එක හොයන එක ටිකක් අසීරු කාර්යයක්. ඒත් අද කියන්න යන්නෙ පුංචි ගූගල් සර්ච් ට්‍රික් එකකින් කොහොමද චිත්‍රපටයක Direct Download Link එක හොයාගන්නෙ කියලා.

පළමු ක්‍රමය :

 මේ සඳහා ඔබගේ උපාංගයේ බ්‍රව්සරය හරහා ගූගල් වෙත පිවිසෙන්න. 
දැන් ඔබට සෙවීමට අවශ්‍ය ෆිල්ම් එකේ නම ටයිප් කරලා හිස්තැනක් තියලා ඊට පස්සෙ මේ පහතින් තියෙන කෝඩ් එක කොපි පේස්ට් කරන්න. 
-inurl:(htm|html|php|pls|txt) intitle:index.of “last modified” (mp4|wma|aac|avi)
method 1 of getting direct download link
ඊට පස්සෙ ඔබට සෙවුම් ප්‍රථිපලය ලබා දෙයි. එහි පළමු හෝ දෙවන ලින්ක් එකට පිවිසීම මඟින් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
The Direct Download Links

දෙවන ක්‍රමය :

මෙහිදීත් ගූගල් වෙත පිවිසිලා මේ පහතින් ඇති කෝඩ් එක කොපි පේස්ට් කරන්න. 
intitle:index.of? mkv
Method 2 code of search
කෝඩ් එකට පස්සෙ හිස්තැනක් තියලා ඩවුන්ලෝඩ් කරන්න ඕන ෆිල්ම් එකේ නම ටයිප් කරලා සර්ච් කරන්න. උදාහරණයක් ලෙස Avengers ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් සර්ච් කළ යුත්තේ මෙලෙසිනි. intitle:index.of? mkv Avengers
Method 2 search for Direct Download Link

දැන් ඔබට ලැබෙන ලින්ක් එකකට පිවිසුනොත් මේ වගේ ෆිල්ම් ලිස්ට් එකක්ම හොයාගන්න පුළුවන්. කීබෝඩ් එකේ Ctrl+F ප්‍රෙස් කිරීම මඟින් Find තුළින් ඔබට අවශ්‍ය ෆිල්ම් එක ලිස්ට් එකේ ෆිල්ම් ගොන්න අතරින් හොයා ගන්න පුළුවන්.
Found Direct Download Links of Movies

      ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න ලොකු උත්සහයක් දරන නිසා මෙය වැදගත් වූවා යැයි සිතනවා. ඔබට පුළුවන් පහළින් ඒ ගැන කමෙන්ට් කරන්න. ඒ වගේම අපගේ ඕනෑම සමාජ ජාල පිටුවක් තුළද ඔබගේ අදහස් පළ කරන්න. එසේම මෙම බ්ලොග් අඩවිය වැඩි දියුණු කිරීම පිණිස ඔබටත් මෙම බ්ලොග් අඩවිය වෙනුවෙන් ආධාර කරන්න පුළුවන්. ඒ සඳහා පහත ඇති ලින්ක් එක භාවිතා කරන්න.

මේ ආශ්‍රිත අපගේ වෙනත් ලිපි :
  1. සියල්ල සපිරි වෙබ් බ්‍රව්සරය
  2. Google Chromeහි ඔබ නොදන්නා සැඟවුණු රහසක්
  3. ගූගල් සර්ච් ඉඟි සහ රහස්
  4. අධි වේගයෙන් ෆයිල් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?

මූලාශ්‍රය :- https://techxerl.net/find-direct-link-of-any-movie/?utm_content=kuku.io&utm_medium=social&utm_source=facebook.com&utm_campaign=kuku.io

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.