computer tips & tricks

Windows පරිගණකයක Partition එකක් සඟවන්න ක්‍රම 3ක්

How to Hide Drives in Windows
     පරිගණකයක දත්ත ගබඩා කර තබා ගන්නවා වගේම තමයි සමහර දත්ත තොරතුරු අපට අන් අයගෙන් සගවා තබන්න උවමනා වනවා. ගොඩක් අය මහත් පරිශ්‍රමයක් දරනවා පරිගණකයේ දත්ත වසන් කිරීම සඳහා. අපගේ කලින් ලිපි වලිනුත් විටින් විට විවිධ ක්‍රම ඉදරිපත් කළා මේ මාතෘකාව ඔස්සේ. අද කියන්න යන්නෙ පරිගණයේ පාටිෂන් එකක් අන් අයට නොපෙනෙන්න සඟවා ගන්නා විධිය ගැනයි. මෙය ක්‍රම 3කට සිදු කරන ආකාරය මේ සමඟ ඉදිරිපත් කරනනවා.

 1. Disk Management භාවිතයෙන් සැඟවීම

මේ සඳහා This PC (My  Computer) right click කර Manage වෙත පිවිසෙන්න. ඉන්පසු එහි Storage මත double click කර ඒ වෙත පිවිසෙන්න. එහිදි Disk management double click කර එය විවෘත කරගන්න. දැන් එහි ඔබට සැඟවීමට අවශ්‍ය
Change Letter or paths in Disk management
ඩ්‍රයිව් එක තෝරා right click කර Change Letter and Paths මත ක්ලික් කරන්න. එහිදී Remove යන්න ක්ලික් කර OK කරන්න. දැන් ඔබ තෝරා ගත් පාටිෂන් එක My Computer තුළදී නොපෙන්වනු ඇත.
Remove Drive Letter with Disk Management
ආපසු පෙන්වීමට අවශ්‍ය නම් Change Letter and Paths හිදී Add සිලෙක්ට් කර ඩ්‍රයිව් එකට letter එකක් assign කරන්න.

2. Group Policy භාවිතයෙන් සැඟවීම

Win+R key මඟින් Run වින්ඩෝ එක ලබාගෙන gpedit.msc යනුවෙන් ටයිප් කර enter කරන්න. දැන් වම් පස ඇති කොටසින් පහතින් ඇති පාත් එක වෙත පිවිසෙන්න.
User Configuration / Administrative Templates / Windows Components / File Explorer
Path to Hdie drives with Group Policy Editor
ඉන්පසු Hide these specified drives in My Computer මත ඩබල් ක්ලික් කර Enabled යන්න තෝරන්න. මෙනු එකෙන් සැඟවීමට අවශ්‍ය ඩ්‍රයිව් එක තෝරන්න. ඉන්පසු Save කරන්න.
Select Drive to hide with Group Policy Editor

ආපසු පෙන්වීමට අවශ්‍ය නම් මෙම සෙටින් එක Disabled හෝ Not Configured ලෙස සකසන්න.

3. Command Prompt භාවිතයෙන් සැඟවීම

Start ගොස් cmd යනුවෙන් ටයිප් කිරීම මඟින් Command Prompt එක විවෘත කළ හැකිය. ඉන්පසු එහි diskpart යනුවෙන් ටයිප් කර එන්ටර් කරන්න.
දැන් list volume ලෙස ටයිප් කර එන්ටර් කරන්න. එහිදී ඔබගේ ඩ්‍රයිව් සියල්ල පෙන්වනු ඇති. එහිදී ඩ්‍රයිව් ඉදිරියේ අංකයක් පෙන්වනු ඇත. ඔබට සැඟවීමට අවශ්‍ය ඩ්‍රයිව් එකේ අංකය මතක තබා ගෙන මෙම select volume 3 විධානය ලබා දී එන්ටර් කරන්න. (මාගේ උදාහරණයේ ඩ්‍රයිව් එකට පෙන්වා ඇති අංකය 3 වේ. ඔබට පෙන්වු අංකය විධානයේ ඇතුළත් කරන්න.) 
How to hide drive with cmd

දැන් මෙම remove letter D ලබා දෙන්න.(යනු සැඟවීමට අවශ්‍ය ඩ්‍රයිව් එකේ එක වේ.) 
සැඟවූ ඩ්‍රයිව් එක යලි පෙන්වීමට නම් මුල් පියවර තුන සිදු කර අවසානයේ assign letter D ලෙස ලබා දී එන්ටර් කරන්න. 
How to show hidden drive with cmd

      *** වැදගත්!!!  මෙම ක්‍රම 3න් ඔබගේ ඩ්‍රයිව් File Explorer තුළ පෙන්වීම පමණක් සඟවන අතර උසස් මට්ටමේ ආරක්ෂාකාරී සැඟවීමක් ලෙස මෙය බලාපොරොත්තු නොවන්න. මන්ද File Explorer තුළ නෙපෙන්වූවත් අනෙක් සියළු ක්‍රම තුළින් සුපුරුදු ලෙස එම ඩ්‍රයිව් තුළට පිවිසිය හැකියි ***
     මෙම ලිපියේ අපැහැදිලි තැනක් ඇත්නම් පහතින් ඇති වීඩියෝ එක බලන්න. එසේම අපේ Youtube channel එකට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. එ් වගේම අපේ බ්ලොග් එක කියවනවා වගේම එය දියුණු කර ගැනීමට අපට ආධාර ලබා දීමට ඔබට දැන් හැකියි. ඒ සඳහා පහත ඇති Donate ක්ලික් කර අපට ඔබගේ උපකාරය ලබා දෙන්න.

මෙම ලිපියට සමාන අපගේ කලින් ලිපි:
  1.  නොට්පෑඩ් එකෙන් කළ හැකි වැඩ 1
  2. පරිගණකයේ ඇති පෞද්ගලික ෆයිල් වසන් කරන්න ක්‍රම කිහිපයක්
  3. කැමති කැමති විදියට පරිගණකය ලොක් කරන්න මෘදුකාංගයක්
  4. පරිගණකයේ කළින් කළ කී දේ සොයාගන්නා අයුරු
  5. ඉමේජයක් තුළ ඔබගේ වටිනා ෆයිල් සඟවා තබන්න

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.