computer tips & tricks

VLC Media Player එකෙන් Youtube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න

download youtube video with vlc media player
Youtube කියන්නෙ අප නිතරම ගැවසෙන, සැරිසරන තැනක්. ඒ වගේම එහි ඇති වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමටත් අප පෙළඹී තියෙනවා. Youtube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන විවිධ ක්‍රම අතරට අප නිතරම භාවිතා කරන VLC Media Player භාවිතයෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්නෙ කොහෙමද කියලා තමයි මේ කියන්න යන්නෙ. මොකද හොඳ දක්ෂයෙක් එක ක්‍රමයක් මත පමණක් යැපෙන්නෙ නෑ. එක දෙයක් කරන්න ක්‍රම ගණනාවක් ප්‍රගුණ කරගෙන ඉන්න ඕන.

මේ සඳහා VLC Media Player හා මේ වන විට අත්හැර දමන ලද වින්ඩෝස් හි Internet Explorer අවශ්‍ය වනවා. VLC Media Player නැත්නම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
http://adf.ly/1eWRYR

  1. මුලින්ම බ්‍රව්සර් එකෙන් යූටියුබ් වෙත පිවිස ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය වීඩියෝ එකට පිවිසෙන්න.
  2. දැන් එහි URL එක කොපි කරගන්න.
    download youtube video with vlc media player
  3. VLC Player ඕපන් කරගෙන එහි මෙනුවේ Media >> Open Network Stream වෙත පිවිසෙන්න
    download youtube video with vlc media player
  4. කොපි කරගත් URL එක paste කර Play ක්ලික් කරන්න.
    download youtube video with vlc media player
  5. වීඩියෝ එක play වේවි.
  6. දැන් මෙනුවේ Tools >> Codec Information වෙත පිවිසෙන්න.
    download youtube video with vlc media player
  7. එහි Codec ටැබ් එකේ Location යන ස්ථානයේ විඩීයෝවේ වෙබ් ස්ථානය පෙන්වන URL එක දක්වයි. එය Select කර කොපි කරගන්න.
    download youtube video with vlc media player
  8. Internet Explorer විවෘත කරගෙන** එහි Address Bar තුළ කොපි කරගත් URL එක paste කර enter කරන්න. ( Start ගොස් සර්ච් තුළ Internet Explorer යනුවෙන් සර්ච් කිරීමෙන් Internet Explorer විවෘත කරගත හැක)
    download youtube video with vlc media player
  9. දැන් Download Window එක ලැබේ. එයින් වීඩියෝ එක download කරගන්න පුළුවන්.
    download youtube video with vlc media player

    download youtube video with vlc media player
** මෙහිදී Internet Explorer භාවිතා කළ යුතු වන්නේ අනෙක් බ්‍රව්සර් තුළදී වීඩියෝ එක open කළ විට එම වීඩියෝ ඩවුන්ලෝඩ් වනවා වෙනුවට බ්‍රව්සරය තුළම play වන නිසාවෙනි. ඒ ගැන ඔබට අත්හදා බැලීමට හැක.

මේක ඔබ භාවිතා කරන ක්‍රමයට වඩා දිගු ක්‍රමයක් විය හැකියි. නමුත් මම කලින් කිව්වා වගේ හොඳ දක්ෂයෙන් ක්‍රම කිහිපයක් ප්‍රගුණ කිරීම ඉතා වැදගත්. සරලවම කිව්වොත් කෙටිමං වගේම දිගුමං ගැනත් අවබෝධයක් තියෙන්න ඕන.
ඔයලට පුළුවන් පහලින් තියෙන වීඩියෝ එකෙන් අපැහැදිලි තැනක් ඇත්නම් එය නිරාකරණය කරගන්න.

ඒ වගේම අප කලින් ඉදිරිපත් කළ VLC Player එකෙන් වීඩියෝ Convert කරගන්න ලිපිය කියවීමට මෙතනින් පිවිසෙන්න.
http://www.plwadakarayo.tk/2016/10/vlc-player-video-convert.html

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.