computer tips & tricks

පරිගණකය Startup වන විට Welcome Message එකක් එක් කර ගන්න


Add a welcome Message on windows startup

      ඔබ සමහර විද්‍ය ප්‍රබන්ධ චිත්‍රපට තුළදී දකින්නට ඇති පරිගණකය පණගන්වන අවස්ථාවේදී සුබපැතුම් පණිවිඩයක් එක් කරන ඩිජිටල් පුද්ගල සහකරු මෘදුකාංග. අනාගතයේදී එවැනි තත්වයකට යන පෙර ලකුණු කියමින් වර්ථමානයේදී Microsoft Cortana, Google Assistant, Apple Siri ආදී බෙහෙවින් ජනප්‍රිය මෘදුකාංග දැක්විය හැකිය. නමුත් ඒවාට තවමත් මම මුලින්ම සඳහන් කළ පරිදි පරිගණකය පණගන්වන අවස්ථාවේදී සුබ පැතුම් පණිවිඩයක් එක් කිරීමට අපොහොසත් වේ. එහෙත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේදී ඔබට සරලව නෝට්පෑඩ් හරහා එවැනි දෙයක් සිදු කර ගැනීමට හැකියාව පවතිනවා. 
     ඒ සඳහා මුලින්ම නෝට්පෑඩ් එක විවෘත කර ගන්න. ඉන්පසු පහත සඳහන් කේතය නිවැරදිව ටයිප් කරගන්න. නැත්නම් කොපි පේස්ට් කරන්න.

dim speech
welcome= "Welcome User, I am your Digital Assistant."
set speech = CreateObject("sapi.spvoice")
speech.speak welcome


 මෙහි දෙවැනි පේළියේ  Welcome User, I am your Digital Assistant. යන්න සඳහා ඔබ කැමති වාක්‍යක් ලබා දිය හැක. 
welcome message notepad code

දැන් එය Save As ගොස් File Type යටතේ All ලබා දී, එයට නමක් ලබා දී .vbs යන extension එකෙන් save කරන්න. ඔබ නිවැරදිව කෝඩ් එක ටයිප් කරාද යන්න බලා ගැනීම සඳහා vbs ෆයිල් එක double click කිරීම තුළින් open කර බලන්න ඔබගේ පණිවිඩය play වනවාද කියා.
save as vbs file

      එසේ සියල්ල හරි නම් වින්ඩෝස් 7 හීදී Start ගොස් startup ලෙස search කර startup ෆෝල්ඩරය විවෘත කර ගන්න. වින්ඩෝස් 8 / 8.1 / 10 නම් Win+R යන කී ප්‍රෙස් කර Run විධානයේ shell:startup ලෙස ටයිප් කර එන්ටර් කිරීම තුළින් startup ෆෝල්ඩරය විවෘත කර ගන්න.
startup folder with run command

      ඊළඟට සේව් කරගත් vbs ෆයිල් එක මෙම ෆෝල්ඩරයට කොපි, පේස්ට් කරන්න. දැන් සියල්ල අවසන් පරිගණකය Restart කර මෙය ක්‍රියාත්මක වනවාද යන්න ඔබට පරීක්ෂා කර ගත හැකියි.
ඔයලට ටයිප් කරන්න අපැහැදිලි නම් මෙතනින් vbs ෆයිල් 
එක ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකත් බලන්න පුළුවන්.
  
නෝඩ්පෑඩ් අශ්‍රිතව අපගේ වෙනත් ලිපි:-
  1. නෝට්පෑඩ් එකෙන් කළ හැකි වැඩ 1
  2. නෝට්පෑඩ් එකෙන් කළ හැකි වැඩ 2 

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.