hacking

පරිගණයක් සම්බන්ධ වූ සෑම Wi-Fi Hotspot Password එකක්ම ලේසියෙන්ම ගන්න


steal wifi password

     සාමාන්‍යයෙන් අප විවිධ වයි-ෆයි හොට්ස්පොට් සමඟ අපගේ පරිගණකය සම්බන්ධ කරනවා. එක එක ස්ථාන වලට ගියහම එසේ කරන්න වෙනවා. ඒත් කාලයත් සමඟ ඒ ඒ හොට්ස්පොට්හි පාස්වර්ඩ් අමතක වනවා නේද? අළුතෙන් උපාංගයක් සම්බන්ධ කළ විට පාස්වර්ඩ් හොයන්න කරදර වෙනවාද?
     අමතක වුණ වයි-ෆයි පාස්වර්ඩ් වගේම මේකෙ තවත් පැත්තක් තියෙනවා. ඒ තවත් කාගෙ හරි වයි-ෆයි ජාලයකින් හොරෙන් අන්තර්ජාලය භාවිතා කරන්න අවශ්‍ය නම් ඒකත් මේකෙන් කරගන්න පුළුවන්. මේ කියන්නෙ හැක් කරලා ලොකුවට ගන්න දෙයක් නෙවෙයි. මේක බොහොම සරල ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් පෙන් ඩ්‍රයිව් එකක මේක දාගෙන ගිහින් වෙනත් පරිගණකයකදී එය ධාවනය කළොත් එම පරිගණකය සම්බන්ධ වී තිබූ සියළු වයි-ෆයි ජාල හා පාස්වර්ඩ් ලැයිස්තුව මෙම මෘදුකාගයෙන් ගන්න පුළුවන්. හබැයි මම එහෙම කිව්ව කියලා මේක අවභාවිතා කරන්න නම් එපා.

දැන් වැඩ පටන් ගනිමු,
මේක බෙහොම සරල මෘදුකාංගයක්. නමින් Wireless Key View. මෙම පහතින් ඇති ලින්ක් වලින් මෘදුකාංගය ඩවුනලෝඩ් කරගන්න. (ලින්ක් එක ක්ලික් කර තත්පර 5ක් රැඳී සිට ඉහළ දකුණු කෙළවර ඇති Skip Ad ක්ලික් කරන්න)
wireless key view
ඉන්ස්ටෝල් කරන්න, වැඩි කතරන්දර නෑ extract කරල මෘදුකාංගය ඕපන් කරගන්න පුළුවන්. ඕපන් කරන සැනින්ම සම්බන්ධ වූ ජාල හා ඒවායේ පාස්වර්ඩ් ලැයිස්තුව ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඒවා ටෙක්ස්ට් ෆයිල් එකක් විදියට සේව් කරගන්නත් පුළුවන්.
සමහර අවස්ථා වලදී නවතම හා යාවත්කාලීන කරන ලද ප්‍රතිවයිරස මෘදුකාංග මඟින් මෙය හානිකර වැඩසටහනක් ලෙස හඳුනා ගන්නවා. ඒ ඉතින් පරිගණකයේ ඇති වයි-ෆයි පාස්වර්ඩ් ගන්න පුළුවන් නිසා. එය දත්ත සොරාගැනීමක් ලෙස හඳුනාගන්නා බැවිනි. එසේ කරන්නේ හොඳ යාවත්කාලීන ප්‍රතිවයිරස මෘදුකාංග පමණි...
වැඩේ කරන විදිය අපැහැදිලි නම් පහලින් තියෙන වීඩියෝ එක බලන්න පුළුවන්. වීඩියෝ එක බලනවා වගේම අපේ යූ ටියුබ් චැනල් එකට Subscribe කරන්න අමතක කරන්න එපා.

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.