computer tips & tricks

පරිගණකයේ ඇති ෆයිල් එකක අනුපිටපත් හොයාගෙන මකා දමන්නේ කොහොමද?

     පරිගණකයේ ඉඩ කඩ ගත්තම සමහරවිට මේ වෙද්දි මදි වෙලා තිබෙන්න පුළුවන්. පරිගණකයේ එකම ෆයිල් එකේ අනුපිටපත් ඔබ නොදැන කිහිපයක් වුවත් තිබෙන්න පුළුවන්. පරිගණකයේ අනවශ්‍ය ලෙස ඉඩ ඇහිරීම් වලට මෙය ප්‍රධාන හේතුවක්. ඉතින් විශාල ෆයිල් ගොන්නක් අතරෙන් මේවා හොයා ගන්නවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි.
     එ්ත් දැන් ඔයාලට පහසුවෙන් අනවශ්‍ය අනුපිටපත් හොයාගෙන මකා දමන්න පුළුවන් කම තියෙනවා. ඒ සඳහා පහත මෘදුකාංග අවශ්‍ය වනවා. මුලින්ම ඔබට අවශ්‍ය මෘදුකාංගය ඔබගේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන ලෙස පහතින් ඩවුන්ලෝඩ් කරගන්න.

dupeGuru Music Edition dupeGuru dupeGuru Pictures Edition
Windows (32bit) Windows (32bit) Windows (32bit)
Windows (64bit) [16.8MB] Windows (64bit) Windows (64bit) [17.2MB]
Mac OS X [5.8MB] Mac OS X [4.3MB] Mac OS X [4.9MB]
Linux Linux Linux

     dupeGuru යනු සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන මෘදුකාංගයක්. එසේම ඉහතින් දැක්වූ ආකාරයට dupeGuru ආකාර තුනක් ලෙස ඉදිරිපත් කරයි. dupeGuru Music Edition, dupeGuru, dupeGuru Pictures Edition. මෙහි Pictures Edition හා Music Edition විශේෂයෙන්ම සාදා ඇත්තේ ශබ්ධ ගොනු හා ඡායාරූප ගොනු වල අනුපිටපත් සෙවීම සඳහා වේ. එම නිසා ඔබට ඩවුන්ලොඩ් කිරීමේදී ඔබට ගැලපෙන මෘදුකාංග සංස්කරණය ඩවුන්ලෝඩ් කරගන්න.
     ඡායාරූප සෙවීමේදී ඡායාරූප අනුපිටපත භ්‍රමණය කර තිබුණද, විශාලත්වය වෙනස් කර තිබුණද, හෝ මඳ වශයෙන් සංස්කරණය කර තිබුණද මෙම මෘදුකාංගයට අනුපිටපත් සොයා දීමේ හැකියාව පවතිනවා. ශබ්ධ ගෙනු සැළකීමේදී ද එසේ එකම ආකාරයේ ෆයිල් පහසුවෙන්ම සොයා දෙන්න පුළුවන්. එය සිදු කරීමට හැකියාව ඇත්තේ මෙම මෘදුකාංගය “fuzzy match” යන ඇල්ගොරිතමය භාවිතා කරන නිසාවෙනි.

     මෙය ඕනෑම අයෙකුට භාවිතා කරළ හැකි සරල අතුරු මුහුණතක් සහිත මෘදුකාංගයක්. එම නිසා මෙය ඩවුන්ලොඩ් කරගෙන ස්ථාපනය කිරීමෙන් පසුව අවශ්‍ය ෆෝල්ඩරය තෝරා එය ස්කෑන් කිරීම පමණයි කළ යුත්තේ. ඉන්පසු අවශ්‍ය ෆයිල් එක ඩබල් ක්ලික් කර එය අධ්‍යනය කිරීමෙන් පසු ඔබට එය ඉවත් කළ හැක.

dupeGuru Music Edition dupeGuru dupeGuru Pictures Edition
Windows (32bit) Windows (32bit) Windows (32bit)
Windows (64bit) [16.8MB] Windows (64bit) Windows (64bit) [17.2MB]
Mac OS X [5.8MB] Mac OS X [4.3MB] Mac OS X [4.9MB]
Linux Linux Linux

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.