featured

ලොව විශාලතම තාක්ෂණික ප්‍රදර්ශණයේදී තේරී පත් වූ හොඳම නිෂ්පාදන | CES 2017


 
ලොව නවීනතම තාක්ෂණය, නවීනතම උපාංග එළි දක්වන්නේ තාක්ෂණික ප්‍රදර්ශණයකදීය. තාක්ෂණික ප්‍රදර්ශන අතරින් විශාලතම හා ප්‍රසිද්ධම ප්‍රදර්ශණය වන්නේ CES තාක්ෂණික ප්‍රදර්ශණයයි. CES 2017 ප්‍රදර්ශනයේදී ඉදරිපත් කෙරුණු හා හොඳම නිෂපාදන ලෙස තේරී පත් වූ උපාංග මෙම ලිපියෙන් ඉදරිපත් කරන්නම්.

Razer Project Valerie

Razer විසින් 4K තිර තුනක් සහිත අති ප්‍රභල අති සුපිරි ගේමින් ලැප්ටොප්හි මූලාකෘතිය එළි දක්වනු ලැබුවා.

Neonode AirBar

AirBar මඟින් ඔබගේ ලැප්ටොප් පරිගණකයට ස්පර්ශ සංවේදී පහසුකම ලබා ගත හැකිය. මෙය ලැප්ටොප් පරිගණකයට සවි කළ හැකි උපාංගයක් වන අතර එමගින් අදෘශ්‍යමාන ආලෝක කදම්භයක් නිකුත් කර එමගින් ස්පර්ශ සංවේදීතාව ඇති කර දෙනු ලබයි.

LG OLED W7 TV

LG හි OLED W7 TV එක බිත්තිය මත ඇති පෝස්ටරයක් වැනිය. මෙම රූපවාහිනිය අඟල් 65ක් වන අතර මිලිමීටර 3.85 ඝණකමක් සහිතව රාත්තල් 18ක බරකින් යුක්ත වේ.

Lego Boost

කුඩා දරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය යථාර්තයක් කර ගන්න මෙමගින් ඉඩ සළසනවා. මෙ සිදු කරන්නේ drag-and-drop පාදක කරගත් ක්‍රමලේඛණගත කිරීමේ ඇප් එකක් මඟින් වේ.

Honda’s Self-balancing motorcycle

Honda Riding Assist මෝටර්සයිකලය කාගේත් අවධානය ගත් නිර්මාණයක්. මෙම මෝටර්සයිකලයට හැකියාව තිබෙනවා රියදුරාගේ කිසිදු සහයක් නොමැතිව බයිසිකලය සමබරව තබා ගන්න.

Razer Project Ariana

Project Ariana හි ගැඹුර සංවේදන කැමරා හා ප්‍රක්ශේපණ යන්ත්‍ර මඟින් ඔබගේ රූපවාහිනී තිරය බිත්තිය මත දිහහරීමට සමත් වනවා. එමඟින් VR උපාංගය ආකාරයේ අතදැකීමක් ලබා දෙනු ලැබේ.

Intel Compute Card

මෙම පරිගණකය ඔබගේ ක්‍රෙඩිට් කාඩ් එක තරම් කුඩාවට නිර්මාණය කර තිබේ. නමත් එයට අති විශාල හැකියාවක් පවතිනවා.


Sevenhugs Smart Remote

මෙම අධි තාක්ෂණික දුරස්ථ පාලකයට හැකියාව පවතිනවා ඉලෙක්ට්‍රොනික උපාංගයක පාලන අතුරුමුහුණත මෙයට ලබා ගැනීමට. එසේම එය පාලනය කිරීමට.

Kingston DataTraveler Ultimate GT

CES 2017 ඉදරිපත් කෙරනු විශාලතම ධාරිතාවයක් සහිත ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක මෙය වේ. අති විශාල දත්ත සමුදායක් එහා මෙහා රැගෙන යාම සඳහා මෙය 1TB සහ 2TB යන ධාරිතාවලින් පැමිණේ.

Dell XPS 13 2-in-1

CES 2017දී ඉදරිපත් කෙරුණු හොඳම වින්ඩෝස් ලැප්ටොප් පරිගණකය මෙය වේ.


ඔබගේ වෙබ් අඩවියත් නොමිලේම හොස්ට් කරගන්න ඔබට දැන් අනගි අවස්ථාවක් තිබෙනවා. වැඩි විස්තර හා ලියාපදිංචි වීම සඳහා මෙතනින් පිවිසෙන්න.
http://www.plwadakarayo.tk/p/free-web-hosting.html


About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.