computer tips & tricks

පරිගණකයේ හාඩ් ඩ්‍රයිව් එකට ස්මාට් දුරකථනයෙන් ඇතුළු වන්න



     පරිගණකය සහ ස්මාට් ජංගම දුරකථනය කියන්නෙ අප නිතරම අත රැඳි නිතරම භාවිතා කරන උපකරණ දෙකක්. පරිගණකය හා ජංගම දුරකථනය අතර දත්ත හුවමාරු කිරීමත් නිතරම සිදු වන දෙයක්නෙ නේද? ඉතින් දත්ත හුවමාරු කරන නානප්‍රකාර ක්‍රම ගොන්නට තවත් එක් පහසු ක්‍රමයක් එක් කරන්නම්.
     මේ සඳහා පරිගණකය හා ස්මාට් ජංගම දුරකථනය එකම ජාලයකට සම්බන්ධ වී සිටිය යුතුයි(එකම වයි-ෆයි සම්බන්ධතාවයකට)
1. පරිගණකයේ ඇතුළු විය යුතු පාටිෂන් එක තෝරා ඒ මත රයිට් ක්ලික් කරන්න. දැන් Properties> Sharing> Advance sharing>share this folder වෙත ගොස් එය ෂෙයා කරන්න.
2. දැන් ස්මාට් ජංගම දුරකථනයෙන් ES file explorer විවෘත කරගන්න. එහි වම් පස ඉහළින් ඇති ඉරි තුනක සළකුණ ටැප් කර එහි LAN ටැප් කරන්න.
Web hosting  3. දැන් පහළින් ඇති Scan ටැප් කරන්න. ඔබගේ පරිගණකය ජංගම දුරකථනය සම්බන්ධ වී ඇති ජාලයටම සම්බන්ධ වී ඇත්නම් එය පෙන්වනු ඇත.එය මත ටැප් කර පරිගණකයේ  username හා password ඇතුළු කිරීමෙන් පරිගණයේ ෂෙයා කර ඇති ෆෝල්ඩර් තුළට පිවිසිය හැකියි.
4. දැන් ඔබට පහසුවෙන් පරිගණකය හා ස්මාට් දුරකථනය අතර දත්ත හුවමාරු කළ හැකියි.
Image Credits & source :-  https://fossbytes.com/how-to-access-computers-hard-drive-with-smartphone/

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.