computer tips & tricks

ඉමේජයක් තුළ ඔබගේ වටිනා ෆයිල් සඟවා තබන්න


hide your files behind a image

     ඔබගේ පෞද්ගලික දත්ත හෝ වෙනත් වටිනා රහසිගත දත්ත සඟවන්න නැත්නම් රහසිගතව හුවමාරු කරන්න  ගොඩක් දේ ඔබ කරනවා ඇති. ඒ දත්ත වැරදි පාර්ශව අතට පත් වීම හෝ තම පෞද්ගලික දත්ත නිරාවරණය වීම එතරම් හොඳ දෙයක් නෙමෙයිනේ නේද?
     අපගේ කලින් ලිපියකත් සඳහන් කළා පරිගණකයේ ඇති පෞද්ගලික ෆයිල් වසන් කරන ක්‍රම යනුවෙන්. ඒ ගැන කියවපු නැති අය මෙතනින් ඒ ලිපිය කියවන්න. මේ ලිපියෙන් කියන්නෙ ඉමේජ් ෆයිල් එකක්, එහෙමත් නැත්නම් පිංතූරයක් තුළ ඔබගේ ෆයිල් හංගන්නෙ කොහොමද කියලා.
බොහොම සරල පියවර කිහිපයකින් එය කරන්න පුළුවන්.

 වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා,

  1. ෆයිල් සැඟවිය යුතු ඉමේජ් ෆයිල් එකක් තෝරාගෙන එය එක් ෆෝල්ඩරයක් තුළට දමන්න.
    copy image and rar file to a folder
  2. සැඟවිය යුතු ගොනු තෝරාගෙන WinRAR මෘදුකාංගය භාවියෙන් එය RAR ගොනුවක් ලෙස compress කර එයත් ඉමේජය ඇති ෆෝල්ඩරයට කොපි කරගන්න.
  3.  දැන් මෙම ෆෝල්ඩරය තුල Command Prompt එක විවෘත කර ගත යුතුයි. ඒ සඳහා File >> Open Command Prompt  හෝ command prompt එක විවෘත කර cd විධානය භාවිතයෙන් ෆෝල්ඩරය තුළට පිවිසෙන්න.
  4. දැන් මේ විධානය ලබා දෙන්න. copy /b image.jpg+files.rar hidden-image.jpg
    run the command in cmd
  5. මෙහි image.jpg යනු ඔබ තෝරා ගත් ඉමේජ් ෆයිල් එකේ නම වේ. files.rar යනු සැඟවීම සඳහා තෝරාගත් ෆයිල් එක වේ. hidden-image.jpg යනු සැඟවූ ෆයිල් එක සහිතව නිර්මාණය වන නව ඉමේජයේ නමයි, ඒ සඳහා ඔබ කැමති නමක් ලබා දෙන්න.
  6. මෙහෙයුම සාර්ථකයි. ඔබට ෆෝල්ඩරය බැලූ විට බලන්න පුළුවන් නව hidden-image.jpg යනුවෙන් නව ඉමේජයක් ඇති බව. 
    you'll see a new image with hidden file
  7. ඉමේජය තුළ ඇති තොරතුරු ලබා ගැනීමට නම් ඉමේජය WinRAR මෘදුකාංගය තුළින් විවෘත කර ගන්න.
    open it with winrar to extract data

Linux මෙහෙයුම් පද්ධතිය සඳහා,

  1. මේ සඳහාද පෙර සේම ඉමේජ් එකක්, zip කරන ලද ෆයිල් එකක් එක් ෆෝල්ඩරයක් තුළට දමා ගන්න.
  2. ෆෝල්ඩරය තුළ terminal එක ඕපන් කරගන්න. නැත්නම් cd විධානය භාවිතයෙන් ෆෝල්ඩරයට පිවිසෙන්න.
  3. දැන් මෙම විධානය ලබා දෙන්න. cat image.jpg files.zip > hidden-image.jpg
    hide files behind a image on linux
  4.  ඔබට පෙර සේම මෙහිදීද නව ඉමේජය දැක ගන්න පුළුවන්. ඒ තුළ ඔබගේ ෆයිල් ඇත.
  5. ඉමේජය තුළ ඇති ෆයිල් ලබා ගැනීම සඳහා terminal තුළදී මෙම විධානය භාවිතා කරන්න. unzip hidden-image.jpg

Mac OS X මෙහෙයුම් පද්ධතිය සඳහා,

  1. කලින් ලෙසම ඉමේජය, zip ෆයිල් එක ෆෝල්ඩරයට දමා terminal එකෙන් ෆෝල්ඩරය තුළට පිවිසෙන්න. දැන් පහත විධානය ලබා දෙන්න
  2.  cat image.jpg files.zip > hidden-image.jpg
    hide files behind a image on mac os x
  3. නව ඉමේජය තුළ ඔබගේ ෆයිල් සැඟවී තිබෙනු ඇත. ඒවා ලබා ගැනීම සඳහා පහත විධානය භාවිතා කරන්න.
  4. unzip hidden-image.jpg 
අපැහැදිලි යමක් තියෙනවා නම් පහලින් තියෙන වීඩියෝව නරඹන්න.
     ඔබගේ රහසිගත ගොනු සැඟවීම සඳහා මෙම ලිපිය ප්‍රයෝජනවත් වූවා යැයි සිතනවා. එසේම සිහි තබා ගත යුතු කරුණ වන්නේ නව ඉමේජයේ ෆයිල් සයිස් එක පැරණි ඉමේජයේ හා ZIP/RAR ගොනුවේ එකතුවයි. ඉතින් ඉතා විශාල ෆයිල් සයිස් එකක් සහිත ගොනු ඉමේජයක් තුළ සැඟවීමට පෙර දෙවරක් සිතන්න. ඇත්තටම එය රහසිගතව තිබේවිද යන්න.

ආශ්‍රිත ලිපි :-

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.