computer tips & tricks

ලේසියෙන්ම ලැප්ටොප් බැටරියේ සෞඛ්‍ය වාර්ථාවක් ගන්නෙ මෙහෙමයි

Generating Power and Battery Health report on Windows
     ලැප්ටෝප් පරිගණකයක හෝ ටැබ්ලට් පරිගණකයක හෝ ස්මාට් දුරකථනයක බැටරිය කියන්නෙ බොහෝම වටිනා කියන අංගයක්. බැටරියේ අයු කාලය අවසන් වූ පසු අළුත් බැටරියක් දමනවා වෙනුවට අළුත් උපාංගයක් ගන්න එක හොඳයි කියල ඔබට සමහරවිට සිතෙන්නට ඇති. ඒ උපාංගයේ බැටරිය තරමක් මිල අධික වන බැවිනි. 
Dead battery     වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත ලැප්ටොප් හා නෝට්බුක් පරිගණක ගැන සැළකූ විට, ඔබට බැටරියේ සෞඛ්‍ය තත්වය පිළිබඳ වාර්ථාවක් තෙවන පාර්ශවීය මෘදුකාංගයකින් තොරව පහසුවෙන් ලබා ගන්න පුළුවන්. එවිට හදිසියේ බැටරි මිලදී ගන්නට සොයනවාට වඩා බැටරියේ ආයු කාලය පිළිබඳ අවබෝධයක් ලබාගෙන සිටීම වැදගත්. ඒත් ඔබ බැටරිය භාවිතා කරන ආකාරය අනුව එහි කාල පරතරය අඩු හෝ වැඩි වන්නට පුළුවන් බව සිහි තබා ගන්න.
     වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ powercfg යන විධාන රේඛා ඇප්ලිකේශන්(command line application) එක ඔබගේ බැටරිය හා ශක්ති පරිහණය පිළිබඳ දත්ත එකතු කරමින් එහි වාර්තා තබා ගැනීමක් සිදු කරනු ලබනවා. ඉතින් ලේසියෙන්ම ඔබට මෙම වාර්ථාව ලබා ගත හැකියි. එය කරන්නෙ මෙහෙමයි,

ශක්ති පරිහරණය පිළිබඳ වාර්ථාවක් ලබා ගැනීම

power report commands
  1. මුලින්ම Command Prompt එක Administrator ආකාරයට විවෘත කරගන්න.
  2. දැන් powercfg /energy යන විධානය ටයිප් කර එන්ටර් කරන්න.
  3. දැන් තත්පර 60ක කාලයකදී දත්ත ලබා ගනී. තත්පර 60ට පසු වාර්ථාව සාදා නිම කළ බව දැනුම් දෙනු ඇත.
  4. දැන් C:\WINDOWS\system32\energy-report.html ලෙස ටයිප් කර එන්ටර් කරන්න.
  5. මේ තත්පර 60ක කාලයක් තුළ ඔබගේ පරිගණකයේ ශක්ති පරිහරණයේ සම්පූර්ණ වාර්ථාවයි.
    power report

බැටරියේ සෞඛ්‍ය වාර්ථාව ලබා ගැනීම
battery report command

  1. මේ සඳහාද Command Prompt එක Administrator ආකාරයට විවෘත කර ගන්න.
  2. දැන් powercfg /batteryreport යන විධානය ටයිප් කර එන්ටර් කරන්න.
  3.  දැන් C:\WINDOWS\system32\battery-report.html ලෙස ටයිප් කර එන්ටර් කිරීමෙන් බැටරියේ සෞඛ්‍ය වාර්ථාව ලබා ගත හැකියි.
    battery report

සමහර අවස්ථා වලදී Mozilla Firefox, Google Chrome තුළන් මෙම html ෆයිල් ඕපන් නොවීමට ඉඩ ඇත. එවිට html ෆයිල් සඳහා default programs යටතේ Microsoft Edge හෝ Internet Explorer ලබා දෙන්න“

 ඔබට කළ දේ තේරුණේ නැතිනම් පහලින් ඇති වීඩියෝ එක බලන්න. ටයිප් කරන්න කම්මැලි වගේ නම් පහත ලින්ක් එකෙන් කුඩා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉතාම පහසුවෙන් ඔබගේ වාර්ථාව ලබා ගන්න. ඩවුන්ලෝඩ් කළ පසු extract කිරීමෙන් අනතුරුව ඇප්ලිකේෂන් එක මත right click කර Run as Administrator ලබා දෙන්න.
  1. Download - ශක්ති පරිහරණය පිළිබඳ වාර්ථාව සඳහා
  2. Download - බැටරියේ සෞඛ්‍ය වාර්තාව සඳහා

ලැප්ටොප් ආශ්‍රිත ලිපි :

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.