featured

Windows පරිගණකයක ඇති Refresh Click කළාම ඇත්තටම මොනාද වෙන්නෙ



     අපි ගොඩක් දෙනෙක් windows පරිගණකයක් භාවිතා කිරීමේදී නිතරම වගේ right click කරලා  refresh කරන්න පුරුදු වෙලා ඉන්නවා. ගොඩක් අය කරන්නෙ ඒක තියෙන නිසා. හැබැයි ටික දෙනෙක් විතරයි ඒකෙන් ඇත්තටම වෙන්නෙ මොනවද කියලා දන්නෙ. අපි දවසකට ගණන් කළ නොහැකි වතාවක් ඔය ඔප්ෂන් එක භාවිතා කරනවා. 

අපි හිතාගෙන ඉන්නෙ refresh කලාම පරිගණකයේ රැම් මතකයේ අනවශ්‍ය මතක පරිහරණය ඉවත් කරලා පරිගණකය මන්දගාමී වීමකින් තොරව භාවිතා කළ හැකි වනවා කියා. නමුත් මෙය සම්පූර්ණයෙන්ම වැරදි මතවාදයක්. එය මිත්‍යාවක්. එසේ පරිගණකයේ කිසිදු වේගවත් වීමක් සිදු වන්නේ නැත. ඇත්තටම ඒකෙන් වෙන්නෙ මේකයි,

     Windows මෙහෙයුම් පද්ධතිය මත ඉදිවුණ  auto-refresh යනුවෙන් feature එකක් පවතිනවා. එමගින් සිදු කරන්නේ මෙහෙයුම් පද්ධතිය මඟින් හෝ වෙනත් තෙවන පාර්ශවීය මෘදුකාංගයක් මඟින් තිරය මත ෆෝල්ඩරයකට සිදු කරනු ලබන වෙනස්කම් පෙන්වීමටයි (උදාහරණයක් ලෙස ෆෝල්ඩරයේ නම වෙනස් කිරීම සළකන්න). නමුත් සමහර අවස්ථා වලදී මෙම auto-refresh feature එකට වෙනස්කම් තිරය මත දිස් වීම සළැස්වීමට අපොහොසත් වනවා. එම නිසා එවැනි අවස්ථා වලදී එය පරීශීලකයාට අතින් සිදු කිරීම සඳහා context menu එකට refresh යන ඔප්ෂන් එක ඇතුළත් කර තිබෙනවා. එමගින් පරිගණකයේ වේගය වැඩි කර පරිගණකය සුපිරි පරිගණකයක් බවට පත් කරන්නේ නෑ.

අප ගොඩක් දෙනෙක් කිසිම හේතුවක් නැතිවද නිතරම වගේ refresh කර කර ඉන්න පුරුදු වෙලා ඉන්නවා. මවුස් එකෙන් කරලා ඇති හිතුනම keyboard එකේ F5 key එක ඔබාගෙනත් ඉන්නවා. ඇත්තටම කිව්වොත් මේ ගොඩක් නරක පුරුද්දක් ඒක නිසා ඒක කරන එක දැන් නවත්වන්න. Ubuntu හෝ MacOS වැනි මෙහෙයුම් පද්ධති භාවිතා කරන අයෙක්නම් හෝ කර ඇති අයෙක් නම් ඔබ අත් දකින්න ඇති එම මෙහෙයුම් පද්ධති තුළ context menuහි එවැනි ආකාරයේ refresh යන ඔප්ෂන් එක නැති බව. ඒ එම මෙහෙයුම් පද්ධති තුළ auto-refresh feature එක නිවැරදි අයුරින් ක්‍රියාත්මක වීම නිසා එය අතින් සිදු කිරීමක් අවශ්‍ය නොවන නිසාවෙනි.




දැන් පොඩ්ඩක් තාක්ෂණිකව මේ ගැන ගැඹුරින් කියන්නම්,

ඔබ පරිගණක ඩෙස්ක්ටොප් තිරය මත දකින සියල්ල ස්ථිතික රාමුවකි. උදාහරණයක් විදියට චිත්‍රපටයක් ගමු- අතීතයේ සිනමා ශාලා තුළ සිනමා පට භාවිතා කළා සිනමාව විකාශනය සඳහා. සිනමා පටයක බොහෝ රූප රාමු අඩංගු කර එය ඒකාකාර අගයකට තිරය මතට යොමු කෙරුණා(තත්පරයකට රූප/රාමු 24 බැගින්). ඔයාලා අහල තියෙන FPS (Frames Per Second/තත්පරයට රාමු) යන 
වචනයෙන් කියන්නෙත් එකම දේ. මිනිස් ඇසට 24 FPS වඩා වැඩි දේ පෙනෙන්නෙ චලනය වන දේ ලෙස හැමෝම දන්නවානෙ. වර්ථමානය වන විටත් මෙම සංකල්පයම භාවිතා කරනවා. නමුත් මෙම රූප පෙළ ඩිජිටල් අයුරින් සංශිප්ත කරලා MP4, MKV වැනි extension යටතේ අපි දන්නා වීඩියෝ ෆයිල් එකක් ලෙස ලබා දෙනවා.

ඉතින් ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියෙන් නිර්මාණය කරන රාමුවක් එක් රූපයක් ලෙස සළකන්න. තිරය මත රාමු රැසක් එකක් පිටුපස එකක් පෙන්වනු ලබන්නෙ ඔබට සියල්ල චලනය වන බව හැඟවීමටයි. හැම රාමුවකම  අතුරුමුහුණත් උපාංග වන පසුබිම, අයිකන, එහි නම් වැනි දෑ අඩංගු වනවා. හැම රාමුවක්ම සැකසීමේදී හැම උපාංගයක්ම එහි නියමාකාරයෙන් අන්තර්ගත කරනවා. පළමුව පසුබිම, ඊළඟට අයිකන සහ එහි නම්, සියල්ලටම උඩින් task bar එක.

ඉතින් හැම රාමුවකම එක දිගට මේ සියල්ලම අන්තර්ගත කරන්න ගියාම පරිගණකයේ දෘඩාංග මගින් ලබා ගන්නා භාරය වැඩි වනවා. දෘඩාංග සඳහා යන අමතර භාරය අවම කිරීම සඳහා optimization තාක්ෂණයක් භාවිතා කරනු ලැබේ. එනම් ඊළඟ රාමුවේදී වෙනස් වීමට අවශ්‍ය වන උපාංග පමණක් dirty ලෙස ලකුණු කර ඊළඟ රාමුවේදී එම උපාංග පමණක් වෙනස් කර එම රාමුව තිරය මතට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. මෙමගින් CPU මත ඇති කරන විශාල භාරය අවම කිරීමට සමත් වේ. Refresh යන ඔප්ෂන් එකෙන් තිරය මත ඇති සියලු උපාංග dirty ලෙස ලකුණු කරනු ලබයි. එම නිසා ඊළඟ රාමුවේදී සියළු උපංග නැවත නිර්මාණය කරීම සිදු වී ඔබගේ මොනිටරය මත පෙන්වනු ලබයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ refresh යන ඔප්ෂන් එකෙන් සිදු කරන රාජකාරිය මේකයි.



පරිගණක ලෝකයේ වැඩකාරයෝ බ්ලොග් එක කියවන ඔයලාගෙ පරිගණක ගැටළු අපට එවන්න. අපේ බ්ලොග් එක හරහා ඒවාට විසඳුම් ලබා දීමට අප සූදානම්. එසේම ඔබගේ වෙළඳ දැන්වීම් අපගේ බ්ලොග් පිටුවේ පළ කිරීමට අවස්ථාව තිබෙනවා. වැඩි විස්තර දැන ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න.

අපගේ නවතම පෝස්ට් ඉක්මනින් කියවීම සඳහා අපගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න. නැත්නම් ගූගල්+, ට්විටර් හරහාද ඔබට සම්බන්ධ විය හැක.

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.