computer tips & tricks

Pen Drive එකේ සෞඛ්‍ය තත්වය මැනගන්න



     දත්ත එහා මෙහා ගෙනියන්න නැතුවම බැරි උපාංගයක් තමයි පෙන් ඩ්‍රයිව් එක කියන්නෙ. එදිනෙදා ජීවිතියේදී බොහෝම වටින දෙයක්. ඉතින් පෙන් ඩ්‍රයිව් එකේ සෞඛ්‍ය තත්වය නොදැන සිටීම නිසා පෙන් ඩ්‍රයිව් එකේ ආයු කාලය ඉතාම කෙටි වන්න පුළුවන්. මේ කියන්නෙ පෙන් ඩ්‍රයිව් එකේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරන විදිය.
     ඒ සඳහා පුංචි මෘදුකාංගයක සහය පතන්න වෙනවා. H2testw කියන මෘදුකාංගය ඒ සඳහා භාවිතා කරනවා. පහලින් තියෙන ලින්ක් එකෙන් මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
(ලින්ක් එක ක්ලික් කර තත්පර 5ක් රැඳී සිට ඉහළ දකුණු කෙළවර ඇති Skip Ad ක්ලික් කරන්න.)

මෙය ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවයක් නෑ. zip ෆයිල් එක extract කරන්න විතරයි තියෙන්නෙ. h2testw.exe ඕපන් කරගන්න.

මුලින්ම භාෂාව ඉංග්‍රීසි වලට මාරු කරගන්න. (තියෙන භාෂාව නොතේරෙනවා නම් විතරක්)

දැන් Select Target කියන බට්න් එක ක්ලික් කරලා පෙන් ඩ්‍රයිව් එක තෝරලා දෙන්න.

Data Volume කියන තැනින් සියළුම නිදහස් ඉඩකඩ පරීක්ෂා කරනවද නැත්නම් ඔබට අවශ්‍ය ප්‍රමාණය පමණක් පරීක්ෂා කරනවද යන්න තෝරා දෙන්න.

දැන Write + Verify බට්න් එක ක්ලික් කර පරීක්ෂා කිරීම ආරම්භ කරන්න. පරීක්ෂා කිරීම කෙරෙන අතරතුර පෙන් ඩ්‍රයිව් එක භාවිතය හා පරිගණකයෙන් ඉවත් කිරීම නොකරන්න.

ඒ සඳහා මද වේලාවක් ගත වේවි. අවසන් වූ පසු පෙන් ඩ්‍රයිව් එකේ දෝශ ඇත්නම් එය පෙන්වනු ඇත.

දැන් පෙන්ඩ්‍රයිව් එකට ගිහින් මෘදුකාංගය මඟින් සාදනු ලැබූ ෆයිල් කිහිපය ඉවත් කරන්න. කළ දේ අපහැදිලි යමක් තියෙනවා නම් මේ පහලින් තියෙන වීඩියෝ එක නරඹන්න.

පරිගණක ලෝකයේ වැඩකාරයෝ කියවන අතරතුරම අපගේ ෆේස්බුක්, ගූගල් + , ට්විටර් පිටු වලට සම්බන්ධ වී අළුත්ම පෝස්ට් ඉක්මනින්ම නරඹන්න. එසේම ඔබගේ පරිගණක ගැටළු අප වෙත එවන්න. නැත්නම් කමෙන්ට් කරන්න. එසේම ඔබගේ වෙළඳ දැන්වීම් අපගේ බ්ලොග් අඩවිය තුළ පළ කිරීමේ අවස්ථාව දැන් තිබෙනවා. වැඩි විස්තර මෙතනින්...

(ලින්ක් එක ක්ලික් කර තත්පර 5ක් රැඳී සිට ඉහළ දකුණු කෙළවර ඇති Skip Ad ක්ලික් කරන්න.)
http://adf.ly/1eyNyYDownload Extract Password

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.