news

අධි වේගයෙන් ෆයිල් ඩවුන්ලෝඩ් කරන්නෙ කෙහොමද?


     අන්තර්ජාලය හරහා විවිධ දේ ඩවුන්ලෝඩ් කරද්දි අපට වැදගත් වන දෙයක් තමයි අන්තර්ජාල වේගය කියන්නෙ. අපේ අන්තර්ජාල සේවා සම්පාදකයා අනුව විවිධ වේග ඔස්සේ අන්තර්ජාලයේ සැරිසරනවා. ඉතින් Download Accelerators ගැන ඔයාලා අහල ඇති. ඒ ඩවුන්ලෝඩ් වේගය වැඩි කර දෙන මෘදුකාංග කාණ්ඩයක්. ඔයාලා මේ වෙද්දි භාවිතා කරනවත් ඇති. 
      Xtreme Download Manager කියන්නෙ වේගවත් ඩවුන්ලෝඩ් කිරීම් සඳහා නිර්මාණය කරන ලද මෘදුකාංගයක්. මේ මෘදුකාංගය ගොඩක් බලවත් හා සංකීර්ණ Download Accelerator එකක් කිව්වොත් නිවැරදි. (වර්ථමානයේ ජනප්‍රිය මෘදුකාංගයක් වන IDM(Internet Download Manager)ත් වඩා වේගවත් ලෙස ඩව්න්ලෝඩ් කිරීම් කළ හැක).

    මෙය Mozilla Firefox, Google Chrome, Safari, Opera වැනි වෙබ් බ්‍රව්සර සඳහා අන්තර්ගත කළ හැක. XDM සමඟින් ඔබට පහසුවෙන්ම Youtube, DailyMotion, Metacafe සහ අනෙකුත් වෙබ් අඩවි තුළ ඇති බහුමාධ්‍ය ගොනු පහසුවෙන් උකහා ගත හැකිය. එසේම එය HTTP, HTTPS, firewalls, cookies, FTP protocols etc සඳහා සහය දක්වයි. මෙමගින් අන්තර්ජාල සම්බන්ධතාවෙන් ලබා ගත හැකි උපරිම වේගය ලබා ගනිමින් ෆයිල් ඩවුන්ලෝඩ් කරනු ලබයි. සාමාන්‍ය ඩවුන්ලොඩ් වේගය හා සැසඳීමේදී 500% වේගයකින් ෆයිල් ඩවුන්ලෝඩ් කරනු ලබයි. මෙය Java Based ඇපිලිකේෂන් එකක්. එනිසා එය Windows, Linux, MacOS යන ඕනෑම මෙහෙයුම් පද්ධතියක් තුළ පහසුවෙන් ක්‍රියා කරවිය හැක. වැදගත්ම කරුණ වන්නේ මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් වීමයි.

     පහතින් ඔබට XDM ඩවුන්ලෝඩ් කළ හැකිය. MacOS X මත ස්ථාපිත කිරීමේදී Java ස්ථාපිත කර තිබීම අනිවාර්යය වේ. java.com මඟින් නොමිලයේම ජාවා ඩවුන්ලෝඩ් කළ හැකිය. (ලින්ක් එක ක්ලික් කර තත්පර 5ක් රැඳී සිට ඉහළ දකුණු කෙළවර ඇති Skip Ad ක්ලික් කරන්න.)
Download
http://adf.ly/1fOTt1
Download
http://adf.ly/1fOTuc
Download
http://adf.ly/1fOU7r
Download
http://adf.ly/1fOU9v
Download
http://adf.ly/1fOUAv
windows 7/8/10Mac OS XLinux 32bitLinux 64bitOther OS
(642KB)(656KB)(11MB)(12MB)(515KB)

පරිගණකයේ ස්ථාපිත කිරීමෙන් අනතුරුව ඔබට අවශ්‍ය බ්‍රව්සර් තුළට අන්තර්ගත කර රිසි සේ අධි වේගයෙන් ඩවුන්ලෝඩ් කිරීම් අරඹන්න... 
  Source & Images : https://fossbytes.com/xtreme-download-manager-linux-windows-mac/

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.