computer tips & tricks

දන්න කියන VLC Player එකෙන් වීඩියෝ convert කරන්නෙ මෙහෙමයි


     VLC ගැන කියන්න කලින් පරිගණක ලෝකයේ වැඩකාරයෝ ගැන කියන්නම්. අද වෙද්දි අපගේ බ්ලොග් එකට අවුරුද්දක් වෙනවා. ඉතින් අවුරුද්දක් පුරාවට අපත් එක්ක එකතු වෙලා දැනුම ලබා ගත් හා ගැටළු විසඳාගත් ඔබ සැමටම ගොඩක් ස්තූතියි. ඒ වගේම බ්ලොග් එක තව දුරටත් දියුණු කිරීම පිණිස ඔබගේ සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වනවා.
     VLC කියන්නෙ ඔයාලා හැමෝම හොඳින් දන්න හඳුනන ගොඩක් දෙනෙක් භාවිතා කරන මෘදුකාංගයක්. ඉතින් ඒ මෘදුකාංගයෙන් කරගන්න පුළුවන් බොහෝ දේ ගැන ඔබ තාම දන්නෙ නැතුව ඇති. Video Convert කියන්නෙ ඒ පහසුකම් අතරින් එක පහසුකමක් විතරයි. Video Convert කරගන්න අන්තර්ජාලය පීරලා හොඳ මෘදුකාංග හොයනවනෙ. ඉතින් VLC එකෙන් ඒක කරගන්න විදිය අපි බලමු.

මෘදුකාංගය ස්ථාපනය කරලා නැති අය පහල ලින්ක් එකෙන් නවතම VLC සංස්කරණය බාගත කරගන්න. පරණ සංස්කරණ තියෙන අයත් ගන්න.
http://adf.ly/1eWRYR
Download (ලින්ක් එක ක්ලික් කර තත්පර 5ක් රැඳී සිට ඉහළ දකුණු කෙළවර ඇති Skip Ad ක්ලික් කරන්න)


VLC එක ස්ථාපනය කරලා දැන් එය ඕපන් කරගන්න. ඉහළ මෙනු බාර් එකේ Mediaහි Convert/Save ක්ලික් කරන්න. නැත්නම් Ctrl+R key press කරන්න.

දැන් Add ක්ලික් කරලා convert කරන්න ඕන වීඩියෝ එක එකතු කරගන්න. වීඩියෝ එකට Subtitles embed කරන්න ඕන නම් ඊට පහළින් ඇති Subtitles ක්ලික් කරලා ෆයිල් එක තෝරා දෙන්න. දැන් Convert/Save ක්ලික් කරන්න.

 දැන් පළවෙනියට convert කිරීමට අවශ්‍ය format එක ලබා දෙන්න. දෙවනියට resolution ඇතුළුව තවත් options සඳහා දකුණු පස ඇති icon එක ක්ලික් කර එම වින්ඩෝ එකෙන් සැකසුම් වෙනස් කරගන්න. තෙවනුව Browse ක්ලික් කර  convert වූ වීඩියෝ එක් සේව් විය යුතු ස්ථානය ලබා දෙන්න. අවසානයේදී සියළු සැකසුම් අවසාන වූ පසු Start බට්න් එක ක්ලික් කරන්න.

දැන් ඔයාලට පේනවා ඇති යටින් ඇති Progress bar එක පිරෙනවා. එය පිරී අවසන් වූ පසු වීඩියෝ එක convert  වී අවසානයි. විඩියෝ එක සේව් කළ ලොකේෂන් එකෙන් ඔබට එය බලා ගත හැකියි.

ලේසියෙන්ම දන්න කියන මෘදුකාංගයක් තුළින් වීඩියෝ එකක් convert කරගන්න විදිය කියා දුන්නා. ඉතින් ඔයාලට පරිගණක ගැටළු තියෙනවා නම් අපට මේල් කරන්න. නැත්නම් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා. අපගේ ෆේස්බුක් පිටුවට එකතු වී නවතම පෝස්ට් ඉක්මනින් බලා ගන්න.

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.