computer tips & tricks

පරිගණකයේ කලින් කළ කී දේ සොයා ගන්නා අයුරු


       මේ කියන්න යන්නෙ ගොඩක් ප්‍රයෝජනවත් වන දෙයක් ගැනයි. ඔබ පරිගණක අළුත්වැඩියා කරන්නෙක් නම් ඔබට අළුත්වැඩියා කිරීම සඳහා ගෙන එන පරිගණක වල දෝශ නිරාකරණයේදී, අන්තිමට කර කර හිටියෙ මොකක්ද කියන දේ වැදගත් වෙනවා. එහෙමත් නැත්නම් ඔබ ඔබේ පරිගණකය වෙනත් අයෙකුට භාවිතා කිරීමට ලබා දුන් පසු ඔවුන් ඔබේ පරිගණකයේ කළේ කුමක්ද සොයා ගැනීමට අවශ්‍ය වනවා නේද? එසේ විශාල ප්‍රයෝජන රශියක් ඇති මෘදුකාංගයක් ගැන තමයි කතා කරන්න යන්නෙ.
     Last Activity View  කියන්නෙ මේ ආකාරයෙන් පරිගණකයේ කළ කී දෑ සොයා දෙන අපූරි වටිනා මෘදුකාංගයක්. ඒවගේම මේ මෘදුකාංගය සම්පූණයෙන්ම නොමිලේ ලබා දෙන එකක්. මේකෙන් වැඩ කරන්නෙ කොහොමද කියලා දැන් බලමු.

පහත ඇති ලින්ක් එකෙන් මෘදුකාංගය බාගත කරගන්න. 
 (ලින්ක් එක ක්ලික් කර තත්පර පහක් රැඳී සිට ඉහළ දකුණු කෙළවර ඇති Skip Ad ක්ලික් කරන්න.)

http://adf.ly/1eAqZh 


මෙය ස්ථාපනය කිරීමක් අවශ්‍ය නොවේ. LastActivityView.exe මත double click කිරීමෙන් එය විවෘත කර ගන්න. 

එය විවෘත වූ පසු ස්වයංක්‍රීයව පරිගණකය ස්කෑන් කරනු ලැබේ. ඒ සඳහා මඳ වේලාවක් ගත වේ.


ස්කෑන් වී අවසන් වූ පසු ඔබට පරිගණකයේ කළ සියළු ක්‍රියාකාරකම් දිනය, වේලාව පාත් එකද සමඟින් පෙන්වනු ලැබේ.
http://adf.ly/1eAqZh

ඉතින් මේ මෘදුකාංගය ඔබගේ වැඩ පහසු කර ගැනීමට ප්‍රයෝජනවත් වූ වා යැයි සිතනවා. ඔබගේ පරිගණක ගැටළු සඳහා පිළිතුරු සොයා දීමට අපට පුළුවන්. ඔබේ පරිගණක ගැටළු අපට ඊ මේල් කරන්න. නැත්නම් අපගේ ෆේස්බුක් පිටුවට එකතු වී ඒ හරහා යොමු කරන්න.

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.