games

NFS Most Wanted ටිකක් Modify කරලා සෙල්ලම් කරමු


     ඒ කාලෙ නිදි මරාගෙන නොකා නොබී ආසාවෙන් සෙල්ලම් කරපු Need For Speed Most Wanted ගේම් එක තාමත් මතක ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ ගේම් එක පොඩ්ඩක් විතර Modify කරලා අළුත් කාර් ටිකක් බස්සලා සෙල්ලම් කරොත් එහෙම කොහොමද? මේ කියන්නෙ ඒ ගැනයි.
      දැන් නම් ගේම් එක ළඟ නැතුවත් ඇති නේද? හරි කමක් නෑ ගේම් එක නැත්නම් මේ පහලින් තියෙන ලින්ක් එකෙන් ඔයාට පුළුවන් ඒක download කරගන්න.
(ලිනක් එක ක්ලික් කර තත්පර පහක් රැඳී සිට ඉහළ දකුණු කෙළවරේ ඇති Skip Ad යන්න ක්ලික් කරන්න)
http://adf.ly/1ehUh8

දැන් ඔයාට පදින්න ඕන කාර් ටිකත් ගන්න වෙනවා. මේ පහලින් තියෙන ලින්ක් එකෙන් අළුත් කාර් ටික ගන්න පුළුවන්. ඒ වෙබ් සයිට් එකෙන් ඔයාට පදින්න ඕන කරන කාර් ටිකත් download කරගන්න. 
(ලිනක් එක ක්ලික් කර තත්පර පහක් රැඳී සිට ඉහළ දකුණු කෙළවරේ ඇති Skip Ad යන්න ක්ලික් කරන්න)
http://adf.ly/1ehUmN

දැන් ගේම් එකත් install කරලා ගත්ත කාර් ටිකේ zip ෆයිල් ටිකත් extract කරගන්න.
මම ඔයාලට පෙන්වන්න ගත්ත කාර් එක තමයි Nissan Skyline R34 GTR. මුලින් extract කරගත්ත ෆෝල්ඩරේ ඇති readme ෆයිල් එක හොඳින් කියවන්න.

දැන් ඒකෙ කියලා තියෙන විදියට ඒ පිළිවෙලට කරන්න. මම ඔයාලට Nissan Skyline එකේ කරන්න තියෙන විදිය පෙන්වන්නම්. ගොඩක් කාර් වලට මේ විදියටම තමයි. කරන්න තියෙන දේ කියවලා ඉන්න එක කෝකටත් හොඳයිනෙ.

මුලින්ම  "modloader.ini" සහ "d3d9.dll" කියන ෆයිල් දෙක ගේම් එක ඉන්ස්ටෝල් කරගත්ත තැනට කොපි කරන්න. (කාර් කිහිපයක් එකතු කරනවා නම් එකතු කරන වාරයක් පාසා මෙය කිරීම අවශ්‍ය නොවේ.)

දැන් ගේම් එක ඉන්ස්ටෝල් කරල තියෙන තැන ADDONS කියල ෆෝල්ඩරයක් හදලා ඒ ෆෝල්ඩරය තුළ CARS_REPLACE සහ FRONTEND කියලා ෆෝල්ඩර් දෙකක් හදන්න.

CARS_REPLACE කියන ෆෝල්ඩරයට Nissan Skyline ෆෝල්ඩරයේ ඇති CTS කියන ෆෝල්ඩරය කොපි කරන්න.

ඊට පස්සෙ FRONTEND ෆෝල්ඩරයට ගිහින් එකේ MANUFACTURERS යනුවෙන් ෆෝල්ඩරයක් හදන්න. MANUFACTURERS තුළට Nissan Skyline ෆෝල්ඩරයේ ඇති "33-NISSAN.BIN" ෆයිල් එක කොපි කරන්න.

දැන් ගේම් එකේ exe ෆයිල් එකේ shortcut එකක් හදාගන්න. (speed.exe මත right click කර Create Shortcut යන්න click කරන්න). ඊළඟට ඒ shortcut එක මත right click කර properties ගොස් එහි target මත අවසානයේ " -mod" (උඩු කොමා නොමැතිව) යනුවෙන් ටයිප් කර Apply කර OK කරන්න.

වැඩේ හරි. දැන් හදාගත්ත shortcut එකෙන් ගේම් එක ඔපන් කරගන්න. (shortcut එකත් පළමු වතාවෙ පමණක් සදන්න. පසුව කාර් එකතු කිරීමේදී මෙය කිරීම අවශ්‍ය නොවේ. දිගටම ගේම් එක මෙම shortcut එකෙන් ඕපන් කිරීම ප්‍රමාණවත් වේ).

දැන් Car Lot එකට ගිහින් බලන්න ඔයා එකතු කරපු කාර් එක තියෙනවද කියලා. මෙසේ එකතු කරගත්ත කාර් නවීකරණය කළ හැකියි. කරන දේ අපැහැදලි යමක් තියෙනවා නම් පහලින් ඇති වීඩියෝ එක බලන්න.








About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.