computer tips & tricks

Web Site එකක් සේව් කරලා අන්තර්ජාලය නැතිව බලන්න



       අන්තර්ජාල ගාස්තු ගැන කිව්වම ටිකක් විතර රත් වෙනවා නේද? අපි මේ වෙද්දි වැඩිපුරම මුදල් නාස්ති කරන්නෙත් අන්තර්ජාලයටනෙ. ඉතින් ගෙඩක් අයට නිතරම සම්බන්ධ කරන ලද අන්තර්ජාල සබඳතාවක් නෑ. ඉතින් අපි නිතර නරඹන සමහර වෙබ් අඩවි සේව් කරලා ඕන වෙලාවට ඒවා බලන්න තිබුණොත් වටිනවා නේද? ඒක කරන්න පුළුවන් දෙයක්. කරන්නෙ කොහොමද කියලා අපි බලමු.
     HTTrack Website Copier කියන්නෙ නොමිලේ ලබා දෙන මෘදුකාංගයක්. මේ හරහා අපට පුළුවන් වෙබ් අඩවිය ඩවුන්ලෝඩ් කරගෙන Offline බලන්න. මුලින්ම පහල ලින්ක් එකට ගිහින් ඔබට අවශ්‍ය මෙහෙයුම් පද්ධතියට අනුව මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න. (ලින්ක් එක ක්ලික් කර තත්පර 5ක් රැඳීසිට ඉහළ දකුණු කෙළවර ඇති Skip Ad ක්ලික් කරන්න. Extract Password එකත් පහතින් ලබා ගන්න.)
Windows x64 Windows x32 Linux / Mac OS Android
Extract Password 7zip
 
මෘදුකාංගය ඉතාම සරල පියවර කිහිපයකින් ස්ථාපනය කර ගන්න පුළුවන්.

දැන් මෘදුකාංගය විවෘත කරගන්න. Next ක්ලික් කර ඉදිරි පියවර වෙත යන්න.

New Project Name තුළ ඔබට සේව් කළ යුතු නම ලබා දෙන්න. Base Path යටතේ සේව් කළ යුතු පාත් එක ලබා දෙන්න. සාමාන්‍යෙයන් එය C:\My Web Sites\ යන පාත් එකේ සේව් වේ. දැන් Next ක්ලික් කරන්න.

Web Addresses : (URL) යටතේ ඔබට අවශ්‍ය Web Site එකේ  Web Address එක හෝ කිහිපය ලබා දී Next ක්ලික් කරන්න.

දැන් Finish ක්ලික් කරන්න. දැන් වෙබ් අඩවිය ඩවුන්ලෝඩ් වීම ආරම්භ වේ. මේ සඳහා මඳ වේලාවක් ගත වේවි.

ඩවුන්ලෝඩ් වී අවසන් වූ පසු Finish ක්ලික් කර වෙබ් අඩවිය සේව් කිරීමට දුන් පාත් එකට යන්න. එහි project එකේ නම ඇති folder එක විවෘත කර එය තුළ ඇති "index.html" ඕපන් කරගන්න. දැන් ඔබට අන්තර්ජාලය නැතිව මෙය බලන්න පුළුවන්. සම්පූර්ණ ෆෝල්ඩර් එකම ඕන තැනකට කොපි කර ඕනෑම වේලාවක එයට පිවිසිය හැකියි.

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.