computer tips & tricks

Windows 10හි සැඟවුණු Dark Theme එක ඇක්ටිවේට් කරමු


          වින්ඩෝස් 10 කියන්නෙ මයික්‍රෝෙසාෆ්ට් සමාගම විසින් පසුගිය වසර නිකුත් කරනු ලැබූ නවතම මෙහෙයුම් පද්ධතියයි. ගොඩක් දෙනෙක් මේ වෙද්දි තම පරිගණකයේ භාවිතා කරන්නෙ වින්ඩෝස් 10. ඔයාලා හැමෝම දැකලා ඇති වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ ඇති ලා පැහැති තීම් එක. ගොඩක් වෙලාවට හිතෙන්නත් ඇති මේක වෙනස් කරගන්න තිබුණනම් හොඳයි කියලත්. මේ කියන්නෙ ලා පැහැති තීම් එක වෙනුවට අඳුරු පැහැති තීම් එක ඇක්ටිවේට් කරගන්නෙ කොහොමද කියලා.

1. මුලින්ම රෙජිස්ට්‍රි එඩිටර් එකට යන්න ඕන. ඒ සඳහා සර්ච් බාර් තුළ regedit ලෙස ටයිප් කර එන්ටර් කරන්න.


2. දැන් පහත සඳහන් පාත් එකට යා යුතුයි.
 HIKE_LOCAL_MACHINE -> SOFTWARE -> Microsoft -> Windows -> CurrentVersion -> Themes

3. දැන් Themes මත right click කර New ගොස් Key ක්ලික් කර එය Personalize යනුවෙන් නම් කරන්න.


4. දැන්  Personalize ක්ලික් කර දකුණු පස කොටසේ right click කර New හි DWORD Value(32 bit) මඟින් නව value එකක් සාදා එය AppsUseLightTheme ලෙස නම් කර ගන්න.

5. AppsUseLightTheme double click කර එහි Value Data එක 0 ලෙසත් Base එක  Hexadecimal ලෙසත් තබන්න.

6. දැන් එය OK කර පහත පාත් එකට නැවතත් යන්න.
HKEY_CURRENT_USER -> SOFTWARE -> Microsoft -> Windows -> CurrentVersion -> Themes -> Personalize

7. එහි සමහර විට Personalize යන Key ඇති. නැත්නම්  එතන පෙර විදියටම Key එක හදා ගන්න.

8. පෙර ලෙසම එහි AppsUseLightTheme කියා value එකක් සාදා එහි අගයන් පෙර ලෙසම තබන්න.

9. දැන් පරිගණකය restart කර වෙනස බලන්න.

ඔයාලට අපැහැදිලි තැනක් තියෙනවා නම් පහත වීඩියෝ එක බලන්න.
මූලාශ්‍රය :- https://codingsec.net/2016/05/enable-hidden-dark-theme-windows-10/




About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.