computer tips & tricks

Google Search ඉඟි සහ රහස්


     Google කියන්නෙ අපි හැමෝම දන්න කියන දෙයක්. ඒ වගේම Google Search කියන්නෙත් මේ වෙද්දි අපේ ජීවිත වලම කොටසක් වගේ. ඕනම දෙයක් හොයගන්න ඕන වුණ ගමන් ටක් ගාලා මතක් වෙන්නෙ Google Search එක. මේ වෙද්දි කතාවටත් කියනවනෙ අම්මයි තාත්තයි ඇරෙන්න අනිත් හැමදේම Google එකෙන් හොයා ගන්න පුළුවන් කියලා. ගොඩක් අය තමන්ගෙ අන්තර්ජාල සබඳතාව පරීක්ෂා කරන්නෙත් google.com එකට ගිහින්. ඒ තරම්ම Google Search කියන්නෙ අපට හුරුපුරුදු දෙයක්. ඒත් Google Search එකෙන් අපි හොයන දේ ඒ විදියටම හොයල දෙනවද? අපිට හොයාගන්න ඕන දේ ඒ විදියටම හොයාගන්න ඉඟි සහ සෙවුම් රහස් කිහිපයක් මේ ලිපියෙන් ඉදිරිපත් කරනවා. 
     මේ සඳහා Google Account එකට Sign in වෙලා තියෙන්න ඕන.

ඔයාගෙ දින චර්යාව ගූගල් සෙවුම් එක්ක කළමණාකරනය කරගන්න.

ගූගල් සර්ච් එක්ක දවස සැළසුම් කරන්න
හැමෝම තමන්ගෙ දවස සැළසුම් කරගන්න මේ වෙද්දි කැලන්ඩරය භාවිතා කරනවා. තමන්ගෙ ඉදිරි දින සැළසුමක් එහෙම දැන ගන්න ඕන වුණොත් ගූගල් සර්ච් එකට ගිහින් “When is my next appointment?” වගේ සෙවුම් වචන තුළින් ඔබගේ කැලැන්ඩරයේ ඇති ඉදරි සැළසුම් සර්ච් කිරීමේ අවස්ථාව ලැබෙනවා.

අන්තර්ජාලයෙන් ඇනවුම් කළ බඩු බාහිරාදිය දැන් කොහෙද?
ඔබ අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කිරීමේදී එය ඔබ අතට පත්වෙන තුරු දැන් කොහෙද දැන් කොහෙද යැයි නිතරම සිතනවානෙ. දැන් ගූගල් සර්ච් එක්ක ඒක හොයාගන්න එකත් පහසුයි. ට්‍රැකින් නම්බරයක් එක්ක ඇති ඔබේ භාණ්ඩ ගැන මෙලෙස සර්ච් කළ හැකියි. “Where’s my package?” හෝ “Where’s my Amazon package?” වැනි ලෙස සර්ච් කර ඔබගේ ට්‍රැකින් නම්බරය ලබා දී එය සොයා ගන්න.

Timer එකයි Stopwatch දෙකත් දැන් ගූගල් සර්ච් තුළ
අපි එදිනෙදා නිතරම භාවිතා කරන තවත් ටූල් දෙකක්. හරිම පහසුයි. ටයිමරය අවශ්‍ය නම් “Set a timer for 5 minutes” ආදී ලෙස සර්ච් කළ හැක. Stopwatch සඳහා “Stopwatch” ලෙස සර්ච් කරන්න.


කැලැන්ඩරයට කාර්යයක් එක් කරන්න.
ඔබගේ කැලැන්ඩරයට ඔබේ සැළසුමක් එක් කරන්න ගූගල් සර්ච් තුළින්ම අවස්ථාව තියෙනවා. උදාහරණයක් ලෙස ඔබට සිකුරාදා දින ට්‍රිප් එකක් ගැන සටහනක් තබන්න අවශ්‍ය නම් මෙලෙස සර්ච් කළ හැක. “Create an event, annual trip on Friday 5am”

ඔබට මතක් කරන්න අවශ්‍ය දේ ගූගල් එකට කියන්න
ඔබට යමක් යම් වෙලාවක මතක් කරගන්න අව්‍යශ නම් ඔබ කරන්නෙ රිමයින්ඩර් එකක් දාගන්න එක. ගූගල් සර්ච් එකෙන්ම ඔබට ඒකත් කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට ස්කයිප් එක 8ට ලොග් වෙන්න ඕන නම් ඔයාලට මෙහෙම සර්ච් කරන්න පුළුවන්, “Remind me to log into skype at 8pm”.

ඡායාරූප බොහෝ දේ පවසාවි
 ඔබට ඔබේ ඡායාරූප එකතුවෙන් කඳු සහිත ඡායාරූප සොයා ගැනීමට අවැසි වුවහොත් ගූගල් සර්ච් තුළ “Show me my pictures in the mountains” ලෙස සෙවිය හැක. එමගින් ඔබට ඔබේ ගූගල් එකවුන්ට් එකේ ඇති හා ගූගල්+ තුළ ඇති ඔබේ ඡායාරූප ගොන්නෙන් පසුතලය ලෙස කඳු ඇති ඡායාරූප ඔබට වෙන් කර සොයා දේවි.



ගූගල් සෙවුමේ ට්‍රික්ස්

ඒකක සමඟින් ගණුදෙනු කරන්න
ඒකක පරිවර්තනය කියන්නෙත් එදිනෙදා අත්‍යාවශ්‍ය දෙයක්. ඉතින් ගූගල් එක්ක ඕනම ඒකක පරිවර්තනයක් පහසුවෙන් කරගන්න පුළුවන්. දිග, පරිමාව, ස්කන්ධය, උෂ්ණත්වය ආදි ලෙස ඕනම ඒකක පරිවර්තනයක් කළ හැක. උදාහරණයක් ලෙස “What is 25 cm in inches?” හෝ “Convert $250 to LKR” ලෙස සර්ච් කළ හැකියි.


කොටස් වෙළඳපොලේ තත්වය කොහොමද?
කොටස් වෙළඳපෙල තුළ මිල ගණන් සෘජුවම ඔබට ගූගල් සර්ච් තුළින් ලබා ගත හැකියි. උදාහරණයක් ලෙස “stock GOOGL” හෝ “stock MSFT” ආදී ලෙස සර්ච් කළ හැකියි. 

අවස්ථා හා සිදුවීම් ගූගල් සර්ච් තුළින්ම
කැලැන්ඩරය තුළ ඇති සිදුවීම් ගැන කලින් කිව්වා. මේ කියන්නෙ සාමාන්‍යෙයන් ලොව පුරා ඇති සිදුවීම් ගැන හොයන එක ගැන. උත්සවයක් ගැන නම් මෙහෙම සර්ච් කරන්න පුළුවන්, “When is the Good Friday?” ලෙස; නැත්නම් ඉර බහින වෙලාව දැන ගන්න ඕන වුණොත් “When is the sunset?” ලෙස සර්ච් කළ හැකියි.

ඔබ වටා ඇති දෑ
ඔබ කොහේ හරි ගිය අවස්ථාවක ඔබ වටා ඇති වෙළඳ ස්ථාන හොයා ගන්න ඕන වුනොත් කාගෙන් හරි අහපු කාලෙ ඉවරයි. ගූගල් සර්ච් එක්ක ඒකත් පුළුවන්. උදාහරණයක් විදියට පිට්සා කඩයක් හොයා ගන්න ඕන නම් “Where is the nearest pizza shop?” ආදී ලෙස සර්ච් කළ හැක.

 ගූගල් සර්ච් ඔබගේ පෞද්ගලික සෞඛ්‍යෙව්දියා
“How many calories in an apple” හෝ “Nutritional value of banana” , ලෙස සර්ච් කර බලන්න. ඔබේ කෑම බීමෙහි ගුණදොස් ටිකත් ගූගල් සර්ච් එකෙන්ම හොයා ගන්න පුළුවන්.


ගූගල් සර්ච් එක ඩික්ෂනරියක් කර ගන්න
පිටු පෙරල පෙරල තඩි ඩික්ෂනරි ඕන වෙන්නෙ නෑ දැන්. ගූගල් සර්ච් තුළ “define” කියන යෙදුම මුලට දමා සර්ච් කරන ඕනම දෙයක තේරුම ගූගල් සර්ච් තුළින්ම ලබා දෙනවා. එය වචනයක් වෙන්න පුළුවන්, වාක්‍යක් වෙන්න පුළුවන් ඕනම දෙයක්. උදාහරණයක් ලෙස “define hello”.

මේ ඡායාරූප ගැනයි
ඔයාලට මොනා හරි ඡායාරූපයක් හොයා ගන්න ඕන වුණත් දැන් ගූගල් තමයි පිහිට වෙන්නෙ නේද? ඡායාරූපත් අවශ්‍ය විදියට හොයා ගන්න දැන් පුළුවන්. උදාහරණයක් විදියට “Show me the photos of Nuwaraeliya” එහෙමත් නැත්නම් “Show me the photos of Brangelina”.

ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන දැන ගන්න
ප්‍රසිද්ධ අය ගැන හොයන්න බොහෝ දෙනෙක් උනන්දුන්නෙ. ඒකත් ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට මේ විදියට සර්ච් කරන්න පුළුවන්, “When was Peter Dinklage born?” නැත්නම් “How old is Luis Suarez?”.

පාරිභොගික සේවා තොරතුරු
යම් දෙයක පාරිභෝගික සේවා අංකය හොයා ගන්න ඕන නම්, නැත්නම් ඇඩ්‍රස් එක හොයා ගන්න, ඒකත් දැන් ගූගල් සර්ච් එකෙන්ම කර ගන්න පුළුවන්. උදාහරණ ලෙස  “What is Sony’s Customer Care Number?” හෝ  “Samsung service locations in New York”.

අද වහීවිද දන්නෙ නෑ නේද?
කාලගුණය හොයන එකත් දැන් හරිම ලේසියි. ඕනම ස්ථානයක කාලගුණය ඉතාම ලේසියනේ දැන ගන්න පුළුවන්. උදාහරණයක් විදියට “Weather Colombo” නැත්නම් මෙහෙම “Do I need a raincoat today?”.


වෙලාව බලන්නත් ගූගල් සර්ච්
ඔබ දැන් සිටින ස්ථානයේ වෙලාව දැන ගන්න එහෙම ඕන වුනොත් ගූගල් සර්ච් එකට ගියා, “time” කියලා සර්ච් කළා. නැත්නම් බර්ලින් වල වෙලාව  “What time is it in Berlin?” විදියට සර්ච් කරල බලන්නත් පුළුවන්.

්‍රීඩා තොරතුරු දැනගන්නත් ගූගල් සර්ච්
ක්‍රීඩා ලෝලී ඔබ ක්‍රීඩා තොරතුරු දැන ගන්න ආස ඇතිනෙ. ඉතින් ගූගල් සර්ච් එක්ක ඉතාම පහසුවෙන් එ්ක දැගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාලට මේ විදියට සර්ච් කරන්න පුළුවන්, “La Liga Fixtures”  නැත්නම් “Did West Indies win last night?”.

කොච්චර ටිප් එකක් දෙන්න ඕනද?
හෝටල් රෙස්ටුවරන්ට් වල වේටර්ට ටිප් එක දෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඔබ සමහරවිට ටිප් එක දෙන්න දන්නෙ නැතුව ඇති. නැත්නම් දෙන ගාන දන්නෙ නැතුව ඇති. ටක් ගාලා ගූගල් සර්ච් එකක් දාලා ඒ ගැන හොයා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට “What’s the tip for 100 dollars?”.

ගණන් හදන්නත් ගූගල් සර්ච්
කැල්ක්‍යුටරය කියන්නෙ  අපිට දන්න කියන නැතුවම බැරි උපකරණයක්. ගූගල් සර්ච් එකෙන් ටක් ගාලා ගාණක් හදාගන්න උදව්වක් ගන්න පුළුවන්. උදාහණයක් විදියට “What is the cube root of 375?” නැත්නම් ගාණක්  හදාගන්න මේ විදියට “0.67 + 56*64 – pi +(sqrt(e^6)/756))”. ගණන් හදන එකත් හරිම සරලයි නේ.

ගූගල් එක්ක ඕනම භාෂාවක් දැන ගන්න
වෙනත් රටකට ගියාම මුහුණ පාන ප්‍රධාන ප්‍රශ්ණය භාෂාව. නැත්නම් වෙනත් භාෂාවක පොතක් කියවගන්න. ගූගල් සර්ච් එක්ක නම් හරිම පහසුයි. උදාහරණයක් විදියට හෙලෝ කියලා ස්පාඥ්ඥ භාෂාවෙන් කියන්නෙ කොහොමද? මේ විදියට සර්ච් කරන්න විතරයි තියෙන්නෙ. “How to say hello in Spanish?”.



විනෝදාත්මක දේ හොයන්නත් හරිම ලේසියි

 සිංදු ලිස්ට් එකක්  බලාගන්න
 ඔයාගෙ ආසම ගායකයා ගායිකාවගෙ සිංදු ලිස්ට් එක බලාගන්න. එයාගෙ හොඳම සිංදු මොනාද? දැන් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට  “What does Myles Kennedy sing?” එහෙමත් නැත්නම් “Best songs of Shreya Ghoshal”.

ෆිල්ම් හෝල් වල මේ දවස් වල  පෙන්වන්න ෆිල්ම්ස් මොනාද?
ෆිල්ම් ගැන හොයන්න ෆිල්ම් හෝල් එකට ගිහින් බලන්න දැන් උවමනාවක් නෑ. “What movies are playing in cinemas” ආදි ලෙස සර්ච් කළහොත් ඔබ අවට ඇති සිනමා හල් වල පෙන්වන චිත්‍රපට ගැන ඔබට දැන ගන්න පුළුවන්. නැත්නම්  “Superhero movies in 2016” වගේ ඒකම වෙනස් කරලා “Superhero movies to be released in 2016” මේ විදියට සර්ච් කළහොත් ඉදරියේදී නිකුත් වීමට ඇති සුපිරි වීර චිත්‍රපට ගැන බලන්න පුළුවන්.

චිත්‍රපට වීරයගෙ ඇත්ත නම දන්නෙ නැද්ද?
හරිම ලේසියි. චිත්‍රපටයක් ගැන ඕනම විස්තරයක් ලේසියෙන්ම ගූගල් සර්ච් එකෙන් හොයාගන්න පුළුවන්. උදාහරණයක් විදියට Fast & Furious චිත්‍රපටයෙ Brian චරිතයට රඟපාන්නෙ කවුද කියන එක, “Who plays Brian in fast and furious?”



 ගූගල් සර්ච් එක්ක සංචාරයේ යෙදෙන්න

නැවිගේෂන්
ගූගල් සර්ච් තුලින් නැවිගේෂන් පහසුකම අත් විඳින්න. උදාහරණයක් විදියට “Take me to home” ලෙස සර්ච් කළහොත් ඔබේ ගූගල් මැප්ස් තුළ සේව් කර ඇති ලිපිනයට ඔබට නැවිගේට් කරනු ඇත.

සංචාරක තොරතුරු
ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙනවනම් යන්න ඉන්න තැන ගැන ගූගල්ගෙන් පොඩ්ඩක් විස්තර අහන්න. “What are the popular attractions in London?”. හොඳ ට්‍රිප් එකක් ලෑස්ති  කරගන්න ඔයාට පුළුවන් වෙයි.

විනෝද චාරිකාව කළමණාකරනය කරගන්න
ට්‍රිප් එක යන්න කලින් යන තැන් ගැන විස්තර  හෙව්වා වගේම ට්‍රිප් එක යන විදිය ගැනත් හොයලා ට්‍රිප් එක කළමණාකරනය කරගන්න. උදාහරණ විදියට “Show me my flights” නැත්නම් “Where is my hotel?”.

ලෝකය ගැන දැනගන්න
සාමාන්‍ය දැනුම සඳහා ලෝකයේ විවිධ ස්ථන වල පිහිටීම් හා විස්තර දැන ගන්නත් ගූගල් සර්ච් භාවිතා  කරන්න පුළුවන්. උදාහරණයක් විදියට “Where is Madison Square Garden?”.



      මේ ලිපිය ඔයාලට ගොඩක් වැදගත් වේවි යැයි හිතනවා. මොකද අපේ එදිනෙදා ජීවන රටාවෙ එක අංගයක් තමයි ගූගල් සර්ච් කියන්නෙ. ඉතින් ඒක භාවිතා කරන්න සරල ඉඟි කිහිපයක් ලබා දුන්නා. ඔයාලට පුළුවන් මේ ලිපිය ශෙයා කරලා හැමෝටම මේ ගැන කියා දෙන්න.

මූලාශ්‍රය : http://fossbytes.com/search-like-boss-simple-google-search-tricks/

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.