computer tips & tricks

කිසිදු මෘදුකාංගකින් තොරව පරිගණකයේ WiFi Hotspot එකක් සදා ගන්නා අයුරු


      දැන් කාලෙ අන්තර්ජාලය ගැන නොදන්න කෙනෙක් නැති තරම්නෙ. ඉතින් අන්තර්ජාලය පිවිසෙන්නත් එක එක විදියෙ උපක්‍රම භාවිතා කරනවා. ඒ වගේම දැන් ස්මාට් ෆෝන්, ටැබ්ලට් පරිගණක ආදී උපකරණත් හැමකෙනාම සතුයි. මේ හැම එකක්ම එකවර අන්තර්ජාලයට සම්බන්ධ කරන්න ගොඩක් අය පරිගණකයේ හෝ එක් උපකරණයකින් hotspot එකක් හදනවා. ඉන්පසු සියල්ල එයට සම්බන්ධ කර අන්තර්ජාලයට පිවිසෙනවා. 
      අපි පරිගණකයේ hotspot හදා ගන්න එක ගැන කතා කරමු. ඒකට ගොඩක් අය කරන්නෙ මෘදුකාංගයක් ස්ථාපනය කරලා hotspot එකක් හදා ගන්න එක. Microsoft Windows 10 භාවිතා කරන අය නම් දන්නවා ඇති Windows 10 වලදී hotspot එකක් සාදා ගන්න විශේෂාංගය එක් කරලා තියෙනවා. හරි, වැඩි කතා ඕන නෑ. අපි බලමු කිසිම මෘදුකාංගයකින් තොරව hotspot එකක් සාදා ගන්නා ආකාරය. ඒ වගේම කියන්න ඕන ඔයලගේ පරිගණකයේ වයිෆයි පහසුකම තියෙන්න ඕන hotspot එක හදා ගන්න.

1. මුලින්ම Command Prompt එක Administrator ආකාරයෙන් විවෘත කර ගත යුතුයි. ඒ සඳහා Windows Search bar එකේ cmd ලෙස type කර, ඒ මත right click කර Run as administrator ලබා දෙන්න.


2. දැන් ඔබගේ වයිෆයි කාඩ් එක hotspot සඳහා support කරනවාද යන්න දැන ගත යුතුයි. ඒ සඳහා පහත කේතය නිවැරදිව type කර enter කරන්න.
netsh wlan show drivers


3. දිගු ලැයිස්තුවක් ඔබට ලැබෙන්න ඇති. එහි Hosted Network Supported යන්න ඉදිරිේ Yes ලෙස ඇත්නම් ඔබට hotspot එක සෑදිය හැකියි.


4. දැන් පහත ේතය type කර enter කිරීමෙන් hotspot එක නිර්මාණය කරගත හැකිය. මෙහි hotspot_name වෙනුවට hotspot එක සඳහා ඔබ කැමති නමක් ලබා ෙන්න. එේම password යන තැනට hotspot සඳහා අක්ෂර 8ට වැඩි password එකක් ලබා ෙන්න.
netsh wlan set hostednetwork mode=allow ssid=hotspot_name key=password
 


5.  දැන් hotspot එක රම්භ කිරීම සඳහා පහත විධානය ලබා දෙන්න.
 netsh wlan start hostednetwork


6. hotspot එක සාදා අවසන්. ේම ක්‍රියාත්මකයි. දැන් බලමු hotspot එකට අන්තර්ජාල සබඳතාව එක් කරන හැටි. ඒ සඳහා පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ වී තිබිය යුතුයි. Control Panel එකට ොස් Network and Sharing Center හි Change Adapter Settings වෙත පිවිසෙන්න.


7. ඔයාලට පෙනෙයි Local Area Connection* 14 ආදලෙස Network Adapter එකක්. ඒ තමයි නිර්මාණය කරගත් hotspot. ඒකත් මතක තියගෙන දැන් ඔයාලා අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින Network Adapter මත right click කර properties ගිහින් ඉහළ තියෙන Sharing කියන tab මත click කරන්න.


8. දැන් Allow other network users to connect through this computer's internet connection මත ඇති හරිය tick කරලා, ඊට පහලින් තියෙන Home Networking Connection එකෙන් ඔයාලා හදා ගත්ත hotspot එේ adpater මත click කරන්න.(මේ එේ නම් Local Area Connection* 14).



9. දැන් OK click කරන්න. දැන් සියල්ල හරි. දැන් අන්තර්ජාල සබඳතාවය සහිත hotspot එක සාර්ථකව සාදා අවසන්. උපකරණයක් සම්බන්ධ කර පරීක්ෂා කර බලන්න. 







10. hotspot එක නවත්වන්න ඕන නම් Command Prompt එක Administrator ආකාරයෙන් විවෘත කරගෙන පහත විධානය ලබා දී enter කරන්න.
netsh wlan stop hostednetwork


කරපු ේරේ නෑ වේ නම් පහල තියෙන වීඩිෝ එක බලන්න.

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.