computer tips & tricks

Google Chromeහි ඔබ නොදත් සැඟවුනු රහසක්



     ලෝකයේ බොහෝ සෙයින් ජනප්‍රිය බොහෝ දෙනෙක් භාවිතා කරන වෙබ් බ්‍රව්සරයක් තමයි Google Chrome කියන්නෙ. ගොඩක් දුරට ඔයාලගෙත් ප්‍රියතම දැනට භාවිතා කරන වෙබ් බ්‍රව්සරය මෙය වෙන්න පුළුවන්. ඉතින් මේ Google Chromeහි වැඩිය ප්‍රචලිත නැති පොඩි රහසක් තියෙනවා. ඒ තමයි මේ ගූගල් ක්රෝම් වෙබ් බ්‍රව්සරය තුළ මිනි ගේම් එකක් අන්තර්ගත වෙලා තියෙනවා.
     ගේම් එක සෙල්ලම් කරන්නෙ කොහොමද කියලා, කියා දෙන්නම්. ගේම් එක මොකක්ද කියන එකත් එතකොට දැනගන්න පුළුවන්. දැනට ගූගල් ක්රෝම් පරිගණකයේ නැත්නම් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
                   1. Download Google Chrome online installer.
                   2. Download Google Chrome offline installer.
1. හරි, මුලින්ම පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙනවනම් ඒක ක්‍රියාවිරහිත කරන්න. අන්තර්ජාලය තිබුණොත් ගේම් එක සෙල්ලම් කරන්න වෙන්නෙ නෑ.

2. දැන් Google Chrome ඕපන් කරගන්න.


3. ඔයාලා ඇඩ්‍රස් බාර් එකේ මොකක් හරි ටයිප් කරලා එන්ටර් කරන්න. මම නම් www.google.com  කියලම ටයිප් කරලා එන්ටර් කරා.

4. ඔයාලට දැන් හම්බවෙයි අන්තර්ජාල සම්බන්ධතාවක් නෑ කියන පේජ් එක. දැන් Up arrow key එක ඔබන්න.

5. ඔන්න ගේම් එක පටන් ගත්තා, ඩයිනෝසර්ව හප්පන්නෙ නැතුව Up arrow key භාවිතා කරලා ගෙනියන්න. පස්සෙ down arrow key එකත් ඕන වෙයි.



6. අන්තර්ජාල සබඳතාවක් එනකල් මේක සෙල්ලම් කරන්න එහෙනම්. කවුරු හරි මගේ ස්කෝර් එක කැඩුවොත් comment කරන්නත් අමතක කරන්න එපා. මේක තේරුනේ නැත්නම් පහල වීඩියෝ එක බලන්න.


     ඔයාලා මේ බ්ලොග් එක කියවනවා වගේම ඔයාලගේ අදහස්, යොජනා, චෝදනා, පරිගණක සම්බන්ධ ගැටළු අපට කියන්නත් අමතක කරන්න එපා. අපේ ඊ-මේල් ලිපිනය plwadakarayo@gmail.com ඒ වගේම ඔයාලට පුළුවන් අපේ facebook හෝ google+ පිටුවට එකතු වෙලා අළුත්ම තොරතුරු දැනගන්න. 
 

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.