featured

Computer Programmer කෙනෙකු වශයෙන් ඔබ නොදැන සිටි කරුණු



     Computer Programmer කෙනෙක් කියන්නෙ පරිගණකයෙන් වැඩ කරගන්න අවශ්‍ය මෘදුකාංග නිර්මාණය කරන අයටයි. ඉතින් එහෙම කෙනෙක් වෙනවා කියන්නෙත් ගොඩක් වටින හොඳ දෙයක්. හැබැයි සමහර අය නම් කියයි ඒක මහ කම්මැලි එපා වෙන වැඩක් කියලා. ඒ කෙහොම උනත් කැමති අකමැති හැමෝම නොදැන සිටි දේවල් ටිකක් කියන්නයි යන්නෙ. ඒ පරිගණක ක්‍රමලේඛණ ඉතිහාසයේ සිදුවුණ සිද්ධි කිහිපයක්,

1. ප්‍රථම පරිගණක ක්‍රමලේඛනකරු කාන්තාවක්

     1843දී බ්‍රිතාන්‍ය ගණිතඥවරියක් වූ Ada Lovelace, ඉතාලි ඉංජිනේරුවකු වන Luigi Menabrea විසින් රචිත Analytical Engine පිළිබඳ ලිපියෙහි ඉංග්‍රීසි පරිවර්තනයක් ප්‍රකාශයට පත් කරන ලදී. ඇයගේ සටහන් වන Analytical Engine මඟින් Bernoulli අංක පරිගණනය සඳහා ඇල්ගොරිදමයක් සඳහන් කර ඇත. ඇල්ගොරිදමයක් යනු මිනිසාට තේරුම් ගත හැකි ලෙස ප්‍රථමව ලියන පරිගණක ක්‍රමලේඛ කේතය බැවින් ඇය ලොව ප්‍රථම පරිගණක ක්‍රමලේඛිකාව වේ.

2. ඇත්ත bug නිසා පළමු පරිගණක bug එක සොයාගැනේ



     අපි නිතරම අහන දෙයක් තමයි "debugging" හෝ  "debug", ඒත් මේ වචන ව්‍යවහාරයට ආවේ කොහොමද? හොඳයි, 1947 දී ඇමෙරිකානු නාවික හමුදාවේ අද්මිරාල් කෙනකු වූ Grace Hopper විසින් ප්‍රථම වශයෙන් මෙම යෙදුම් ප්‍රසිද්ධියට පත් කරන ලදී. ඇය Mark II පරිගණකයක වැඩ කරමින් සිටින අවස්ථාවේදී පළමු "bug" එක ඇගේ ලොග් පොත මත වුණි. පද්ධතියේ මෙහුමට බාධා කළ මෙම බග් එක මාසයකට පසුව රිලේ උපකරණයක සිරවී සිටියදී සොයා ගන්නා ලදී. 

3. පරිගණක වයිරස් භයානකයි, ඒත් පළමු වයිරසය නිර්මාණය කළේ නරක චේතනාවෙන් නෙමෙයි

     1983දී, Fred Cohen,  පළමුව පරිගණක වයිරස් ආරක්ෂණ උපක්‍රම සොයාගත් පුද්ගලයා වන ඔහු පරිගණක ආසාදනය වන පරපෝෂිත ඇප් එකක් නිර්මාණය කළේය. ඔහු එය පරිගණක වයිරසයක් නමින් නම් කළේය. ඔහු නිර්මාණය කළ වයිරසයේ මූලික අරමුණ වූයේ පරිගණකයක් අල්ලාගෙන, ස්වයංව එහි පිටපත් සාදා එකල සාමාන්‍ය දත්ත ගබඩා මාධ්‍යයක් වූ ෆ්ලොපි ඩිස්ක් හරහා එක් පරිගණකයක සිට තවත් එකකට පැතිරවීමය. Cohen මෙම වයිරසය නිර්මාණය කළේ කිසිම පරිගණකයක් පරිපූර්ණ පරිගණකයක් නොවන බව ලොවට පෙන්වීම සඳහා පමණි. ඒත් පසුකාලීනව කෙතරම් වයිරස ලොව පුරා පරිගණක කීයකට නම් ආසාදනය වුවාද?

4. පළමු පරිගණක බලගැන්වූයේ හුමාලයෙනි

     මේ කියන්නෙ වේදිකාවේ වාෂ්ප ගැන නම් නෙවෙයි, ඇත්තම වාෂ්ප එකල වාහන, දුම්රිය පවා බලගන්වන ලද. 1801දී, ප්‍රංශ වියන්නෙක් සහ ව්‍යාපාරිකයෙක් වන, Joseph Marie Jacquard විසින් රෙදි වල නිර්මාණ රටා බලගැන්විය හැකි දැවමය සිදුරු කාඩ්පත් සොයා ගන්නා ලදී. පසුකාලීනව, 1830දී පමණ, නිවසක් තරම් විශාල වූ ප්‍රථම පරිගණන උපකරණය බල ගැන්වූයේ වාෂ්ප එන්ජින් 6ක් ආධාරයෙනි. ඔබට නිමානය කළ හැකිද එය කළේ කවුරුන්ද යන්න? පරිගණක ලොව පියා යනුවෙන් සැළකෙන Charles Babbage විසින් වන අතර ඔහු එම ඔහුගේ සොයාගැනීම Analytic Engine ලෙස නම් කෙරුණි.

5. පළමු පරිගණක ක්‍රීඩාවෙන් කිසිදු ආදායමක් උපයන නොලදී

     ආදායමක් නොයිපයූ පරිගණක ක්‍රීඩා ගොන්න අතරට ලොව පළමු පරිගණක ක්‍රීඩාවත් අයත් වේ. Spacewar නමින් හඳුවන්වන ලද එය Steve Russell සහ එය නිර්මාණ කණ්ඩායමට ස්තූති වන්නට එය පැය 200දී නිම කළ හැකි විය. එහි ඇත්තේ කුඩා අභ්‍යවකාශ යානා දෙකක් තරඟකරුවන් දෙදෙනෙක් සඳහා පාලනය කිරීමටයි. එහි මෙහෙයුම වන්නෙ අනෙක් ක්‍රීඩකයාගේ අභ්‍යවකාශ යානාව විනාශ කිරීමටයි ඔහු තමන්ගේ යානාව විනාශ කිරීමට පෙර.

6. පරිගණක වැඩසටහන්කරණය කතා කරන භාෂාවක් නම් එය තුන්වන වැඩිම විවිධ භාෂා වනු ඇත.

     දැනට පරිගණක භාෂා 698ක් ඇත. ඒක ඉගෙනගන්නවනම් ලොකු අගයක් හැබැයි ඒක කරන්න එපා කියලා අපි අවවාද කරනවා. මොන පරිගණක භාෂාවද ඒ අතරින් ඉහලින්ම තියෙන්නෙ? ඉන්දුනිසියාවේ දේශීය භාෂා 700ට වඩා ඇත, පැපුවා නිව්ගීනියා තුළ භාෂා 836 කතා කරයි. සංඛ්‍යාත්මකව බැලුව විට එක රටක් විදියට සලකන්න පුළුවන් භාෂාමය විවිධත්වය අතින්.

7. Playboy සඟරාවෙන් ලබා ගත් පින්තූරයක් ඡායාරූප සකසන ඇල්ගෙරිදමයක් සඳහා යොදා  ගන්නා ලදී


     1973 දී Lena Soderbergගේ ඡායාරූපයක් සම්මත පරීක්ෂණ ඡායාරූපය ලෙස බහුලව භාවිතා කෙරුණි. එහි නිරුවතේ මට්ටමත් සමඟ Playboy සඟරාවේ 1972 නොවැම්බර් කලාපයෙන් එය crop කර ලබා ගන්නට වුණි. ඒත් ඉතින් ඇයි මේ ඡායාරූපයම මෙච්චර වැදගත් වුණේ ඇල්ගොරිතම් සඳහා? David Munson වූ IEEEහි සංස්කාරකවරයෙක් කරුණු දෙකක් පෙන්වන ලදී; එකක් එහි වර්ණ, ඡායාරූපයේ විස්තරාත්මක බව, සෙවනැලි ආදී දේ ඡයාරූප සකසන මෘදුකාංග පරීක්ෂා කිරීම සඳහා හොඳ සේවයක් සපයයි. දෙවැන්න තමයි ගොඩක් පරිගණක වැඩසටහන්කරුවන් පිරිමි පුද්ගලයන්ය, ඒක නිසා එවැනි සිත් ඇද ගන්නා දෙයක් යොදා ගැනීම සාමාන්‍යයි.

 මූලාශ්‍රය : 

     ඉතින් computer programmer කෙනකේ වෙන්න බලාපොරොත්තු වන අයටයි, වුණ අයටයි මේ විස්තර ප්‍රෙයා්ජනවත් වුණා කියලා හිතනවා. හැම දේ ගැනම සඳහන් නොකළත් ගොඩක් දේ කිව්වා. ඉතින් මේ බ්ලොග් එක කියවනවා වගේම ඔයාලගෙ පරිගණක ගැටළු, ඒ වගේම බ්ලොග් එක ගැන අදහස්, යොජනා, චෝදනා අපිට කියන්න.
E-mail : plwadakarayo@gmail.com
Like us on Facebook : https://www.facebook.com/plwedakarayo/
Our Youtube Channel : https://www.youtube.com/channel/UCFdM1RM0_Ry6uSKWNhA3zIA

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.