computer tips & tricks

PC Games රෙකෝඩ් කරන්න සොෆ්ට්වෙයා එකක්


Select a Article Language / ලිපිය කියවිය යුතු භාෂාව තෝරා ගන්න


     PC Games සෙල්ලම් කරන අයට ගොඩක් වෙලාවට හිතෙන දෙයක් තමයි සෙල්ලම් කරන ගේම්ස් රෙකෝඩ් කරගන්න තිබුණනම් හොඳයි කියලා. Youtube එකේ ඕනතරම් ඔයාලා walkthroughs දැකලා ඇති. ඒවා බලන වෙලාවට මටත් එහෙම අප්ලෝඩ් කරන්න තිබුණනම් කියලා හිතෙනවා ඇති. Screen Recording සොෆ්ට්වෙයා දාලා ට්‍රයි කළාද? ගේම් එකයි කම්පියුටර් එකයි දෙකම stuck වෙන්න පටන් ගත්තා නේද? හරි මේ කියන්නෙ ගේම් රෙකෝඩ් කරන්නම හදපු සොෆ්ට්වෙයා එකක් ගැනයි.
      Fraps කියන්නෙ ගේම්ස් රෙකෝඩින් සඳහාම හදපු මෘදුකාංගයක්. මේ මෘදුකාංගය හරහා කිසිම අපහසුවකින් තොරව පහසුවෙන් ගේම් එකක් රෙකෝඩ් කරගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඕනෑම කෙනෙකුට පහසුවෙන් භාවිතා කළ හැකි ලෙස සරලව නිපදවා තිබෙනවා. දැන් රෙකෝඩින් වැඩ පටන් ගනිමු.

1. මුලින්ම මෙතනින් Fraps මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න. (2.51MB)
http://adf.ly/1Zu5zR
Extract password එක මෙතනින් ගන්න. (1.66KB)
http://shrinkearn.com/jMSM
  2. ලේසියෙන්ම මෘදුකාංගය ස්ථාපනය කරගන්න පුළුවන්. මෘදුකාංගය ස්ථාපනය කරගෙන ඕපන් කරගන්න.


3. දැන් මෘදුකාංගයේ ටැබ් අතර මාරු වෙලා ඔයාට පුළුවන් විවිධ සැකසුම් හදා ගන්න. ඉතාමත් සරලව දක්වා ඇති නිසා ඒවා එකින් එක ගැන විස්තර කරන්න යන්නෙ නෑ. Movies ටැබ් එකට ගියාම ඔයාලා දකින්න ඇති රෙකෝඩ් කරන්න තියෙන key එක F9 කියලා, ඊළඟට ස්ක්‍රීන්ෂොට් සඳහා F10 කියලා. ඒ දෙක මතකෙ තියාගෙන Minimize කරන්න.



4. දැන් වැඩට බහිමු. ගේම් එක ඕපන් කරගන්න කලින් ඔයාලා වීඩියෝ සේව් කරන්න දුන්න location එක තියන drive එකේ free space එක 30GB වලට වඩ වැඩි අගයක් තියෙනවනම් ගොඩක් හොඳයි. (මෙහි රෙකෝඩ් වන වීඩියෝ lossless ආකාරයෙන් රෙකා්ඩ් වන නිසා ඉතා විශාල file size එකක් ගන්නවා.)

5. දැන් ඔයාලගේ ගේම් එක ඕපන් කරගන්න. මම නම් Call of Duty Modern Warfare 3 ඕපන් කරගන්නවා ඔන්න.


6. දැන් ඔයාලට පේනවා ඇති ස්‍රක්‍රීන් එකේ වම් පස ඉහළ කෙළවරේ කහ පාටින් ඉලක්කම් දෙකක්. මේ ඉලක්කම් දෙකෙන් පෙන්නන්නෙ frame rate එක. ඒ පෙන්වනවා කියන එකෙන් මෘදුකාංගය වැඩ කරනවා කියලා කියන්න පුළුවන්.



7. දැන් ඔයාලට රකෝඩ් එක පටන් ගන්න F9 key එක press කරන්න විතරයි තියෙන්නෙ. එතකොට frame rate එක පෙන්නන ඉලක්කම් දෙක රතු පාටින් පෙන්නයි. ඒ කියන්නෙ වීඩියෝ එක රෙකෝඩ් වෙනවා. රෙකෝඩ් එක නවත්තන්න ඕන නම් ආයෙත් F9 key එක press කරන්න. එතකොට ආයෙත් frame rate ඉලක්කම් දෙක කහ පාටින් පෙන්වයි.


8. ගේම් එකෙන් අයින් වෙලා ඔයාලා වීඩියෝ එක සේව් වෙන්න දුන්න ලොකේෂන් එකට ගිහින් බලන්න එ්කේ වීඩියෝ ටික ඇති. දැන් ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා නේද? ඒ ඒ වීඩියෝ වල file size එක ලොකු අගයක් ගන්නවා. ඒකත් හොඳ වීඩියෝ converter එකක් භාවිතා කරලා convert කරලා අඩු කරගන්න පුළුවන්. එහෙම නොමිලේ දෙන හොඳ converter වන Format Factory මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
http://shrinkearn.com/PWNNN
      ඔයාලට පරිගණක භාවිතයේදී ඇතිවන ගැටළු, ඒවගේම  මේ බ්ලෝග් එක ගැන අදහස් යෝජනා චෝදනා කියන්නත් අමතක කරන්න එපා. 
E-mail - plwadakarayo@gmail.com


About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.