computer tips & tricks

පෙන්ඩ්‍රයිව් එකක් ෆෝමැට් නොකර NTFS කරගන්න


FAT32 to NTFS Convertion

      NTFS කරගන්න කිව්වට ගොඩක් අය NTFS කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව ඇති. ඒක නිසා මුලින්ම NTFS ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.
    පරිගණකය දෘඩ තැටියේ (Hard Drive) දත්ත ගබඩා කර තබා ගන්නවා කියලා හැමෝම දන්නවා. මෙහෙයුම් පද්ධතිය, විවිධ වැඩසටහන්, අපේ ලිපිගොනු ආදී වශයෙන් විවිධ ආකාරයේ ගොනු එහෙමත් නැත්නම් ෆයිල්ස් පරිගණක හාඩ් ඩිස්ක් එකේ තැන්පත් කරනවා. මෙහෙයුම් පද්ධතියක් සැළකුවොත් එහි ප්‍රධාන කාර්යභාර්යක් වන්නේගොනු කළමණාකරනය. ඉතින් මේ විදියට විවිධ ෆයිල්ස් තැන්පත් කිරීමේදී ඒවා යම් පිළිවෙලකට සංවිධිතව ගබඩා කළ යුතුයි. එය සිදු කරනු ලබන්නේ මේ file system යන නියමයට අනුවයි. විවිධාකාරයේ file system විවිධ මෙහෙයුම් පද්ධති වලදී භාවිතා වෙනවා. Windows මෙහෙයුම් පද්ධතිය FAT, FAT32, NTFS ආදී ලෙසත්, Mac OSහි HFS හා HFS+ ලෙස, Linux මෙහෙයුම් පද්ධතිය ext2, ext4 ආදී ලෙසත්, CD හා DVD තැටි සඳහා CDFS, UDF ලෙසත් විවිධාකාරයෙන් වූ file system භාවිතා කරනු ලැබේ. මේ පෝස්ට් එකට මේ කරුණු ටික හොඳටම ඇති.
     ඒත් FAT32 හා NTFS යන file system දෙක ගැන පොඩි විස්තර කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. මොකද ෆ්ලෑෂ් ඩ්‍රයිව් වලදීත් බහුලව භාවිතා වන්නේ මෙම file system දෙක නිසා. ඒ වගේම මොන එහෙකට NTFS කරනවද කියලා හිතෙයි නේද? FAT, FAT32 කියන්නෙ windows මෙහෙයුම් පද්ධති මුල් කාලයේ භාවිතා කළ file system. Microsoft ආයතනය Windows XP මෙහෙයුම් පද්ධතියේ පටන් NTFS file system එක හඳුන්වා දී වර්ථමානය වන විටත් භාවිතා වන්නේ එයයි. FAT32 වල තිබූ දුර්වලතා නැති කර තමයි NTFS හඳුන්වා දුන්නෙ. දුර්වලතා වලින් ප්‍රධාන එකක් ලෙස සැළකිය හැක්කෙ FAT32හිදී ගබඩා කළ හැකි වන්නෙ 4GB වලට වඩා අඩු ධාරිතාවයක් සහිත ෆයිල්ස් පමණයි. පෙන් ඩ්‍රයිව් එක FAT32 file system එකේ තිබියදී 5GB disk image file එකක් එහෙමත් නැත්නම් 4GB වලට වඩා වැඩි බ්ලූරේ ෆිල්ම් එකක් ඔයාට කොපි කරගන්න බැරි වෙනවා. දැන් බලමු පෙන්ඩ්‍රයිව් එක NTFSකරගන්න විදිය.

1.  පළමුව පෙන්ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කර එහි drive letter එක හොයා ගන්න. (රූපයේ ඇති ප්‍රෙන්ඩ්‍රයිව් එකේ drive letter එක වන්නේ J:)
Note your Pendrive Letter

2. දැන් start ගොස් searchහි cmd ලෙස ටයිප් කර හෝ Win+R keys press කර ලැබෙන Run විධාන මෙනුවේ cmd ලෙස ටයිප් කර enter කිරීමෙන් Command Prompt විවෘත කරගන්න.
Open Command Prompt

3. දැන් පෙන්ඩ්‍රයිව් එක error check කළ යුතුයි. මේ සඳහා
CHKDSK [Drive Name]:f
ලෙස ටයිප් කර එන්ටර් කරන්න. උදාහරණයක් ලෙස මගේ පෙන්ඩ්‍රයිව් එකේ drive letter එක J බැවින් CHKDSK J:f ලෙස එන්ටර් කළ යුතුයි. තත්පර කිහිපයක් ඇතුළත ඩ්‍රයිව් එක චෙක් කර errors ඉවත් කරනු ලබේ.
Check Disk For Errors

4. දැන් තියෙන්නේ convert කරන්න විතරයි. ඒකට,
CONVERT [Drive Name:]/FS:NTFS
ලෙස ටයිප් කර එන්ටර් කරන්න. උදාහරණයක් ලෙස මගේ එක අනුව නම් මගේ විධානය CONVERT J:/FS:NTFS වේ. සුළු කාලයක් තුළදී ඩ්‍රයිව් එක convert වනු ඇත.

Convert to NTFS


     දැන් ඔබේ පෙන්ඩ්‍රයිව් එක NTFS වේ. පෙන්ඩ්‍රයිව් එක right click කර properties menu එකෙන් එය ඔබට දැකගත හැකි වේ.

Converted Flash Drive



      ඔයාලා මේ බ්ලොග් එක කියවනවා වගේම මේක ගැන අදහස්, යෝජනා, චෝදනා plwadakarayo@gmail.com යන ලිපිනයට ඊමේල් කරන්න අමතක කරන්න එපා. එහෙමත් නැත්නම් අපේ ෆේස්බුක් පිටුවට ලයික් කරලා මැසේජ් එකක් එවන්න.

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.