computer tips & tricks

Mouse එකෙන් එන සද්දය අඩු කරගන්න ක්‍රමයක්


Select a Article Language / ලිපිය කියවිය යුතු භාෂාව තෝරා ගන්න

     පරිගණකයක් භාවිතා කිරීමේදී මවුස් එක කියලා කියන්නෙ අත්‍යාවශ්‍ය උපකරණයක්. හැබැයි ඔයාලට සමහර වෙලාවට අමිහිරි අත්දැකීම් ඇති සමහරි මවුස් වල ක්ලික් කිරීමේදී එන ශබ්දය. මේක ඔයාලට කරදරකාරී දෙයක් වෙලා ඇති. මේකෙන් මිදෙන්න ක්‍රමත් හොයන්න ඇති. මේ කියන්නෙ මවුස් එකෙන් එන ශබ්දය අඩු කරගන්න ක්‍රමයක්. හැබැයි වැඩ්ඩොන්ට විතරයි.
      මවුස් එකක ශබ්දය අඩුකරගන්න හොඳ ක්‍රමයක් තමයි Mouse Pad එක එහෙමත් නැත්නම් Mouse Mat එකක් භාවිතා කිරීම. ඒත් හොඳ වර්ගයේ මවුස් පෑඩ් ටිකක් මිල අධිකයි. මේක නම් නෙමෙයි කියන්න යන ක්‍රමය. මේ කියන්න යන ක්‍රමයෙන් වගේ සාර්ථක ප්‍රතිඵලයක් ගන්නත් අමාරුයි. මවුස් පෑඩ් කතාව කිව්වෙ වැඩ්ඩො නෙවන අයට.
      හරි දැන් වැඩේට බහිමු. මේකට ඕන වෙනවා,
  • මවුස් එක ගලවන්න ටූල් එකක්
  • කුඩා තුඩක් සහිත උපකණයක්
  • අවශ්‍ය වුවහොත් පමණක් ඊයම් හා බවුත් එකක්

“ වැඩේ පටන් ගන්න කලින් මේ ටික හොඳට සිහි තබා ගන්න. මේ වැඩේ හරියට කළේ නැත්නම් මවුස් එක නැවත භාවිතා කළ නොහැකි තත්වයට පවා පත් වෙන්න පුළුවන්. ඒක නිසා ප්‍රවේසමෙන් හා නිවැරදි ආකාරයෙන් කාර්යය කිරීමට වග බලා ගන්න. ඔබට මෙය සඳහා දැනුමක් නැත්නම් ඒ සඳහා දැනුමක් ඇති අයකුගේ උපකාර ලබා ගන්න. වැඩේ වරද්දගෙන මවුස් එකට මොනා හරි වුණොත් බ්ලොග් එකට බනින්න ලෑස්ති වෙන්න නම් එපා. “

1.  මුලින්ම මවුස් එක විවෘත කරගන්න ඕන. බොහොම ප්‍රවේසමෙන් ප්ලාස්ටික් ලොක් නොකැඩෙන විදියට ඒක කරගන්න. පරිපථය දැන් ගන්න. වයර් එක කැඩී යා හැකි බැවින් ඒ පිළිබඳ සැළකිලිමත් වන්න.


2. දැන් ස්විච් එකේ උඩ කොටස ගලවගන්න ඕන. (ස්විචය පරිපථයට සවි වී තිබියදී එය කිරීමට අපහසු නම් බවුතය ආධාරයෙන් ස්විචය පරිපථයෙන් ගලවා එය සිදු කළ හැක.) පහළ රූපයේ පෙන්වලා තියෙනවා වගේ කුඩා ප්ලාස්ටික් ලොක් එකක් ඔයාලට පෙනෙයි. කුඩා තුඩක් ආධාරයෙන් මේ ලොක් එක ප්‍රවේසමෙන් පන්නාගෙන උඩ කොටස ගලවගන්න. සමහර විට ඔයාලගෙ ස්විච් එකේ රූපෙ තියෙන විදියටම ලොක් එක නැති වෙන්න පුළුවන්.


3. දැන් ඔයාලට පේනවා ඇති මේ රූපයේ පෙන්වලා තියෙන විදියට ස්විච් එකේ ඇතුළත.

     දැන් මේ පහළ රූප වල පෙන්වා තියෙන ආකාරයට ස්පර්ෂක අග්‍රය නවා ගන්න. (නිල් පාටින් පෙන්වා ඇත්තේ ස්පර්ෂක කොට වේ. රතු පාටින් පෙන්වා ඇති කොටස් නැවීමෙන් වළකින්න.). ඒ ස්පර්ෂක අතර දුර අඩු වන ලෙස නාවාගැනීමට වග බලා ගන්න. එසේම එම ස්පර්ෂක අග්‍ර එකිනෙක ස්පර්ෂ වී නැති බව සවි කිරීමට පෙර සැක හැර දැනගන්න.





4. හරි, ඊටපස්සෙ සියළුම ස්විච් වලට මේ ආකාරයෙන් ස්පර්ෂක අතර තියෙන දුර අඩු කරන්න. ඉන්පසු ස්විච් වල උඩ කොටස් තිබුණ විදියට සවි කරලා පරිපථයත් මවුස් එකට සවි කර නැවත මවුස් එක එකලස් කරගන්න.



   කොහොමද මවුස් එකෙන් නිකුත් වන හඬ දැන් අඩුයි නේද?

ඉලෙක්ට්‍රෝනික විද්‍යාව ඉගෙනගන්න කැමති ඒ වගේම ඉලෙක්ට්‍රෝනික ලෝකයෙත් මේ වගේ සුපිරි වැඩ කරන්න ඒ සඳහාම වෙන්වූ බ්ලොග් අඩවිය තමයි Lifetronics කියන්නෙ.  
https://www.lifetronics.tk
https://www.facebook.com/lifetronicsblog/Lifetronics ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න. අළුත්ම තොරතුරු ඉක්මනින්ම දැනගන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික් දැනුම ඇති නැති ඕන කෙනෙක් ඉලෙක්ට්‍රෝනික දැනුම වර්ධනය කරගන්න පුළුවන්. 

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.