Select a Article Language / ලිපිය කියවිය යුතු භාෂාව තෝරා ගන්න
පරිගණකයට මෘදුකාංග ඉන්ස්ටෝල් කිරීම වෙලාවකට ගොඩක් කරදරකාරී කටයුත්තක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පරිගණකය format කළාට පස්සෙ සියළුම දේ අළුතෙන් ඉන්ස්ටෝල් කරන්න වෙනවනෙ. ඕන කරන මෘදුකාංග හොය හොයා වෙහෙසුනාද? නැත්නම් වෙබ් අඩවි පීරන්න වුණාද? වයිරස් ගාඩ් එක වෙබ් අඩවියක, PDF Reader එකක් තව එකක, වෙබ් බ්‍රව්සර් එක තවත් එකක. ටිකක් එපා වෙන වැඩක් නේද මේක. මේ කියන්නෙ ඒකට කදිම විසඳුමක්.
Ninite.com කියන්නෙ මේ සඳහා භාවිතා කරන්න පුළුවන් අපූරු විසඳුමක්. Ninite.com වෙබ් අඩවිය හරහා ඔබට අත්‍යවශ්‍ය කරන බොහෝ මෘදුකාංග එකවර පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. Web Browsers, Utilities, Messaging, Developer Tools, Media, Runtimes, Compression, Imaging, Documents, Security, File Sharing, Online Storage වගේ පරිගණකයට අවශ්‍ය කරන සියළුම මෘදුකාංග මේ අතර තියෙනවා.දැන් බලමු මේක භාවිතා කරලා මෘදුකාංග ස්ථාපනය කරගන්නෙ කොහොමද කියලා. මුලින්ම Ninite.com වෙබ් අඩවියට පිවිසෙන්න.
ඉන්පසු ඔයාට ඉන්ස්ටෝල් කරගන්න ඕන මෘදුකාංග ටික සිලෙක්ට් කරලා අවසානයේ "Get Installer" button එක ක්ලික් කරන්න.
Ninite Installer තුළින් ඔබ සිලෙක්ට් කළ මෘදුකාංග සියල්ලම ඩවුන්ලෝඩ් කර පරිගණකයට ස්ථාපනය කර දේ. එම නිසා ඩවුන්ලෝඩ් කළ මෘදුකාංග පරිගණකයට ස්ථාපනය කිරීමට කාලය නාස්ති කළ යුතු වන්නේද නැත.



0 comments:
Post a Comment