featured

නොමිලේම ඔන්ලයින් ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්න

Select a Article Language / ලිපිය කියවිය යුතු භාෂාව තෝරා ගන්න


     ඩිප්ලෝමා පාඨමාලා හදාරන්න පාඨමාලා හොය හොයා රට වටේම ගියාද? මේ කියන්නෙ ගෙදර ඉඳලම නොමිලේම අන්තර්ජාලය ඔස්සේ තමන් කැමති පාඨමාලාවක් හදාරන ක්‍රමයක් ගැනයි. ALISON කියන්නෙ මෙහෙම ඔන්ලයින් පාඨමාලා ලබා දෙන සේවාවක්. ඒ වගේම පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයකුත් ලබා ගන්න පුළුවන්. මේ වගේ දෙයක් කියද්දි බොරුවක් කියල හිතෙයි. ඒත් මේක බොරු ප්‍රෝඩාවක් එහෙම නම් නෙවෙයි. Walkgrove, Google, Microsoft, Macmillan වැනි ප්‍රමුඛ පෙලේ සමාගම් මේ ALISON හි පාඨමාලා සඳහා ඔවුන්ගේ සහය දක්වනවා.
     මුලින්ම ALISON හි ලියාපදිංචි විය යුතුයි. ඒකනම් බෙහොම සරල දෙයක්. ඔයාලට පුළුවන් google, facebook වගේ account එකකින් මේ සඳහා ලියාපදිංචි වෙන්න. ALISON සඳහා ලියාපදිංචි වීමට මෙතනින් පිවිසෙන්න.
http://adf.ly/1QmOVQ

     දැන් ඉතින් ඔයාලට ඕන පාඨමාලාව තෝරගෙන ඒක හදාරන්න තමයි තියෙන්නෙ. ALISON හි පාඨමාලා 750කට අධික ප්‍රමාණයක් ඕනෑම විෂයක් යටතේ තියෙනවා. ඔයාට ඕන කරන පාඨමාලාවත් මේ අතර අනිවාර්යයෙන්ම ඇති. ඒ වගේම මේ පාඨමාලාව හදාරන අනෙක් සිසුන් එක්ක සාකච්ඡා කරන්න, ගැටළු විසඳගන්න වැනි බොහෝ පහසුකම් පවා මෙහි ලබා දී තිබෙනවා. 
    පාඨමාලාවේ Assessments සම්පූර්ණ කරල 80% වඩා ලකුණු අරන් ඔයාටත් සහතිකය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට කැමති ප්‍රමාණයක පාඨමාලා හදාරන්නත් පුළුවන්. 
   වර්ථමානය වන විට ශ්‍රී ලංකාවෙන්ද විශාල පිරිසක් මෙහි පාඨමාලා හදාරමින් පවතිනවා. දැනුම වර්ධනය කරගන්න කැමති ඕනම කෙනෙක් මේ වගේ වටිනා කියන සේවාවක් අත්හරන්නෙ නම් නැති වෙයි. 

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.