software

සියල්ල සපිරි වෙබ් බ්‍රව්සරය


     අන්තර්ජලය සැරිසැරීමට භාවිතා කරන විවිධ මාදිලියේ බ්‍රව්සර් අතර වැඩ පහසු කර  ගැනීමට නිර්මාණය කර ලද බ්‍රව්සර් එකක් ගැන මේ කියන්නෙ. සාමාන්‍යෙයන් අන්තර්ජාල භාවිතයේදී වේගවත් download සඳහා එක් මෘදුකාංගයකුත්, torrent සඳහා තවත් එක් මෘදුකාංගයකුත්, Sharing සඳහා තවත් එක් extension හෝ add-on එකක්. හැබැයි Torch Browser කියන්නෙ මේ සියල්ලම සපිරි All in One browser එකක්.
      Torch Browser එක Google Chrome හි customized version එකක්. එම නිසා Chrome බ්‍රව්සර් එකට සර්ව සමානයි. Chromeහි සැකසුම්, වේගවත්ව අන්තර්ජාලය සැරිසැරීම, ආරක්ෂාව, Chrome හි extensions භාවිතා කරීමේ හැකියාව ආදී දේ ඇතුළත්. ඊට අමතරව Torch තුළ අන්තර්ගතදේ මොනාද කියල බලමු. මෙතනින් Torch download කරගන්න.
http://adf.ly/1PlmEw 

DRAG & DROP


Search හා Share කිරීම වේගවත් කිරීම සඳහා මෙම පහසුකම ඇතුළත් කර ඇත. වෙබ් පිටුවක ඇති දෙයක් Share කිරීමට අවශ්‍ය නම් අදාල දේ සිලෙක්ට් කර එය වම් පසට drag කිරීම මඟින් Facebook, google+, Twitter වැනි සමාජ ජාල තුළ Share කළ හැක. එසේම අදාල සිලෙක්ට් කරගත් දෙය දකුණු පසට drag කිරීම තුළින් Google, Wikipedia, Image Search හා Facebook තුළ search කිරීමේ හැකියාව ඇත. 



TORCH TORRENT

Torrent download කිරීම සඳහා utorrent, BitTorrent වැනි මෘදුකාංග අවශ්‍ය වන්නේ නැත. Torch Browser තුළ torent downloader එකක් අන්තර්ගතයි. එම නිසා ඉතා පහසුවෙන් browser තුළ හිඳිමින්ම torrent ඩවුන්ලෝඩ් කළ හැක. 




MEDIA GRABBER

Video සහ audio වැනි දේ download කිරීමට extensions සහ වෙනත් මාදුකාංග සොයා කාලය නාස්ති කිරීමට අවශ්‍ය නැත. Torch Browserහි Media Grabber තුළින් යන එන වෙබ් අඩවි තුළ ඇති වීඩියෝ හා ඕඩියෝ හඳුනාගෙන ඒවා download කිරීමට අවස්ථාව සලසා දෙයි.




EASY SHARING

Facebook තුළ Share කිරීමට Facebook අඩවියට යා යුතු නොවේ.Torch Browserහි අඩංගු Share Button click කිරීම මඟින් ඔබට අවශ්‍ය, ඔබ නරඹන වෙබ් අඩවියේ අන්තගතය Facebook තුළ share කිරීමට හැකියාව ඇත.






DOWNLOAD ACCELERATOR 

අධික ලෙස නිතරම downloading කරන අයට කියාපු පහසුකම. වේගවත් ලෙස download කිරීම සඳහා IDM වැනි download accelerator මෘදුකාංග හා extensions අවශ්‍ය වන්නේම නැත. Torch Browser තුළ download accelerator එකක් අන්තර්ගත කර ඇත. එම නිසා ඉතා වේගවත් ලෙස ඕනෑම දෙයක් download කිරීමේ හැකියාව Torch Browser සතු වේ.





TORCH PLAYER

Web Browser එක තුළම අන්තර්ගත කරන ලද Media Player එකකි. download කරන torrent වෙබ් බ්‍රව්සරය තුළම අන්තර්ගත player එකෙන්ම නැරඹීමේ අවස්ථාව ඇත. එසේම torrent එක සම්පූර්ණයෙන්ම download වී නැතත් download වී ඇති කොටස play කිරීමේ හැකියව සතුයි.





TORCH MUSIC

අන්තර්ජලය තුළ සැරිසරන අතරවාරයේදීම සිංදුවක් අහන්න, නැත්නම් කමන් කැමති සිංදුවක් හොයා ගන්න Torch Music උදව් වෙනවා. මේක Music Player එකක්. අන්තර්ජාලය තුළින් අවශ්‍ය මියුසික් එක අහන්න, මියුසික් වීඩියෝ එක බලාගන්න, තමන්ගෙම playlist එකක් හදාගෙන සිංදු අහන්න වැනි බොහෝ පහසුකම් මෙම Torch Music තුළ අන්ත්ගතයි.






TORCH GAMES

අන්තර්ජාලය හරහා පොඩි පොඩි ගේම්ස් සෙල්ලම් කරන අයට වටිනා කියන දෙයක්. ගේම්ස් හොය හොයා වෙබ් අඩවි පීරන්න අවශ්‍ය වන්නෙ නෑ, account හද හද ඉන්න ඕනත් නෑ, එක එක ඇඩ් ලෝඩ් වෙනකන් බලා ඉන්න දේකුත් නෑ. ඔයාට ඕන ගේම් එකක් ක්ෂණිකව play කරන්න Torch Games තුළින් පුළුවන්.






TORCH FACELIFT

ඔයාගේ Facebook එකට ලස්සන style එකතු කරලා තමන්ට ඕන විදියට customize කරගන්න Torch Facelift මේක උදව් වෙනවා. Facebook එකේ background, fonts, colours වැනි දේ තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරගන්න ආසයි නම් Torch Facelift භාවිතා කළ හැකියි.






      මේ තමයි Torch Browser එකේ අන්තර්ගත ප්‍රධානම පසහුකම් ටික. මේ වගේ වටින පහසුකම් තිබුණත් Torch Browser ලබා දෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ. විශ්වාස කරන්නත් අමාරුයි නේද? විශ්වාස නැත්නම් දැන්ම download කරල ඔයාම භාවිතා කරල වෙනස අත්විඳන්න.
http://adf.ly/1PlmEw

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.