computer tips & tricks

පරිගණකය Shutdown වන කාලය අඩු කර ගන්න



       පරිගණකයක මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කළ අළුත ඉතා වේගයෙන් Shutdown වුණත් කාලයත් සමඟ පරිගණකයේ Shutdown වීමට ගත වන කාලය වැඩි වේ. ස්ථාපනය කරන මෘදුකාංග වැනි දේ නිසාවෙන් පරිගණකයේ වේගය කෙරෙහි බලපානු ලබයි. දැන් කියන්නෙ Shutdown වන කාලය අවම කරගන්න උපදෙස් 5ක්.

1. සමහර අවස්ථා වලදී වසා නොතිබෙන වැඩසටහන් වසන තුරු අපේක්ෂාවෙන් සිටී. උදාහරණයක් ලෙස ටයිප් කරමින් සිටි ලියවිල්ලක් සේව් කරන්න කියා පණිවිඩයක් ලබා දී එයට ප්‍රතිචාර ලැබෙන තුරු බලා හිඳියි. මෙය මඟහැර වැඩ සටහන් වසන තුරු බලා නොසිට පරිගණකය Shutdown කිරීම මෙම සැකසුමෙන් සිදු කෙරේ. සැ.යු. - මෙම සැකසුම සකස් කළ පසු පරිගණකය Shutdown කිරීමට ප්‍රථම තමන් කරමින් සිටි කාර්යයන් සේව් කිරීමට මතක තබා ගන්න.


දැන් Win+R press කර run විධානය ලබා ගෙන එහි regedit ලෙස ටයිප් කර එන්ටර් කරන්න.

Registry Editor ලැබෙනු ඇත. දැන් එහි මේ පාත් එකට යන්න,
HKEY_CURRENT_USER -----> Control Panel -----> Desktop වෙත ගොස් එහි දකුණු පස ඇති AutoEndTasks යන්න double click කරන්න.

 දැන් එහි value data අගය 0 ලෙස පෙනේවි. එය 1 ලෙස වෙනස් කර ok කරන්න.


 2. සාමාන්‍යෙයන් සමහර වැඩසටහන් වසා දමන තුරු වින්ඩෝස් මඟින් තත්පර 20ක පමණ කාලයක් බලා හිඳී. ඉන්පසුව තමයි එම වැඩසටහන් බලහත්කාරයෙන් වසා දමන්නෙ. මේ කාලය අඩු කරගන්නත් පුළුවන්. 

ඒ සඳහා Registry Editor එකේ මේ පාත් එකට යන්න.
HKEY_CURRENT_USER ----> Control Panel ----> Desktop වෙත ගොස් එහි දකුණු පස ඇති WaitToKillAppTimeout යන්න Double Click කර value data අගය 20000 සිට 2000 දක්වා අඩු කරන්න.


3. පරිගණකයේ page file යනු පරිගණකය භාවිතා කිරීමේදී අවශ්‍ය වන අතිරේක මතකය ලබා ගන්නා හාඩ් ඩිස්ක් එකේ කොටසකි. Shutdown වීම කෙරෙහි මෙහි ඇති ඩේටා ඩිලීට් කිරීමට යන කාලය බලපානු ලබයි.
 
මෙය වේගවත් කිරීමට රෙජිස්ට්‍රි එඩිටර් එකෙහි මේ පාත් එකට යන්න.
HKEY_LOCAL_MACHINE ----> SYSTEM ----> CurrentControlSet ----> Control ----> SessionManager ----> MemoryManagement වෙත ගොස් දකුණුපස ඇති ClearPageFileAtShutdown ඩබල් ක්ලික් කර එහි අගය 0 ලෙස වෙනස් කරන්න.


4.  Microsoft ආයතනය විසින් නිකුත් කළ User Pofile Hive Cleanup Service (UPHClean) මෘදුකාංගය භාවිතා කිරීමද ඉතා සාර්ථක පිළියමකි. මෙය ඉන්සටෝල් කළ පසු ස්වයංක්‍රීයව පසුබිමෙහි ධාවනය වෙමින් රෙජිස්ට්‍රිෙය් Shutdown මන්දගාමී කරන හේතු සොයා ඒවාට පිළියම් යොදයි. මෙම මෘදුකාංගය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. 
http://adf.ly/1PegAU
5. පරිගණකයේ ඇති ඩ්‍රයිවර්ස් පරණ වීම හේතුවෙන් පරිගණකය මන්දගාමී වීම සිදු වේ. එම නිසා නිතරම ඩ්‍රයිවර්ස් යාවත්කාලීන කර තබා ගැනීමටද සිහි තබා ගන්න. 
 

About Hashan Athurugiriya

1 comments:

Powered by Blogger.