hacking

නෝට්පෑඩ් එකෙන් කළ හැකි වැඩ 2





    කලින් වතාවෙ නෝට්පෑඩ් එකෙන් ෆෝල්ඩර් ලොකර් එකක් හදන හැටි කියල දුන්නා. ඒක කියවන්න බැරි වුණා නම් මෙතනින් ගිහින් එක කියවන්න.
     මේ සැරේ කියන්න යන්නෙ පොඩි ෆන් එකක් ගන්න විදිය ගැන.එකක් ඔයාගෙ CD ROM එක කොච්චර වැහුවත් ඕපන් වෙන පොඩි program එකක් නෝට්පෑඩ් එකෙන් ලියමු.

1. මුලින්ම මේ කෝඩ් එක නෝට් පෑඩ් එකේ ටයිප් කරගන්න. (කොපි පෙස්ට් කළා නම් ලේසිවෙයි)

set wmp = createObject("wmplayer.ocx.7")
set drives = wmp.cdromCollection
sub open_saysame()
on error resume next
do
if drives.count >= 1 then
for i = 0 to drives.count - 1
drives.item(i).eject()
next
end if
loop
end sub
open_saysame()


 


2. දැන් File ---> Save As ගිහින් ෆයිල් ටයිප් එක "All Types" දීලා කැමති නමක් දීලා extension එක විදියට .vbs ලබා දෙන්න. උදාහරණයක් ලෙස cdrom.vbs


3. ඕපන් කරලා බලන්නකො කොහොමද කියලා.

     මේක දැන් ඕපන් කරා වගේ නෙමෙයිනෙ නවත්තගන්නත් ඕන වෙනවනෙ. හරි සරලයි Task Manager එක open කරලා Microsoft Windows Based Script එක උඩ click කරලා End Task එක click කරන්න. දැන් හරි. 
 
  කෝඩ් එක ටයිප් කරන්නත් කම්මැලි වගේ නම් ටයිප් කරපු ෆයිල් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
Download CD rom open close program


 

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.