පරිගණකය භාවිතයේදී ඇතිවිය හැකි ප්‍රධාන සෞඛ්‍යය ගැටළුවක් ලෙස ඇස් දෙකට හානි වීම පෙන්වා දිය හැකිය. පරිගණක තිරය පමණක් නොව දුරකථන හෝ ටැබ්ලට් පරිගණකයේ තිරය වුවද ඇස් වලට හානි දායකයි. නමුත් නිවැරදි ඉරියව්වෙන් පරිගණකය භාවිතා කිරීම, නිවැරදි ලෙස තිරය ස්ථානගත කිරීම හා ආලෝකය පාලනය තුළින් මෙය අවම කළ හැකිය.
1. මුලින්ම මේක ඩවුන්ලෝඩ් කරගන්න. (583KB)
![]() |
||
| Windows | Mac | Linux |
2. සරල පියවර කිහිපයකින් මෙය පරිගණකයට ඉන්ස්ටෝල් කල හැක.
3. දැන් Notification area එකේ f.lux අයිකන් එක දැක්වෙයි.
4. මේකෙ දැන් අපි ඉන්න තැනට අනුව සැකසුම් සාදා ගත යුතුයි. ඒ සඳහා f.lux අයිකන් එක උඩ ක්ලික් කර Settings වෙත පිවිසෙන්න.
5. දැන් පළමුවන පියවර ලෙස ඇති ස්ලයිඩර් එකෙන් රාත්‍රී කාලයේදී ඇති අඳුරට ගැලපෙන ලෙස ස්ලයිඩර් එක සකසන්න.
6. දෙවන පියවර යටතේ ස්ථානය ලබා දිය යුතුයි. මේ සඳහා පරිගණකය අන්තර්ජාලය සම්බන්ධ කර තිබිය යුුතුයි. ඉන්පසු change උඩ ක්ලික් කර සර්ච් බොක්ස් තුළ ස්ථානය ලබා දිය යුතුය. එය අක්ෂාංශ හා දේෂාංශ ලෙසත් හෝ තැපැල් සංකේතය ලබා දීමෙන් හෝ නගරයේ නම ඇතුල් කරීම තුළින් ලබා දිය හැකිය. දැන් සර්ච් බටන් එක ක්ලික් කරන්න. ස්ථානය හඳුනාගත් පසු ඕකේ කර සැකසුම් වින්ඩෝ එක close කරන්න.
7. දැන් හරි. පරිගණකය භාවිතයේදී ඇස් දෙකට වෙනදට වඩා පහසුවක් දැනුනද බලන්නකො. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ භාවිතා කිරීමේදී.






0 comments:
Post a Comment