computer tips & tricks

පරිගණකයේ ඇති පෞද්ගලික files වසන් කරන්න ක්‍රම කිහිපයක්

Select a Article Language / ලිපිය කියවිය යුතු භාෂාව තෝරා ගන්න

      පරිගණකය භාවිතා කිරීමේදී සමහර files සැඟවීමට (hide) කිරීමට ඔබට අවශ්‍ය වී තිබිය හැක. වැඩි දෙනෙක් කරන්නෙ right click කරලා properties menu එකෙන් Hidden විධානය සක්‍රිය කර සැඟවීමට අවශ්‍ය දේ සැඟවීමයි. එහෙත් එය පවතින සාර්ථකම ක්‍රමය නොවන බව ඔබ අත් විඳ ඇත. මේ ටිකක් වැඩි දියුණු කළ සරල ක්‍රම කිහිපයකි,

1. ගොඩක්ම සරල ක්‍රමයක් විදියට තමන්ට සැඟවීමට අවශ්‍ය ෆයිල්ස් පෙන් ඩ්‍රයිව් එකකට කොපි කර පෙන් ඩ්‍රයිව් එක සඟවා තබා ගැනීමයි. ( මෙලෙස පෞද්ගලික දත්ත රඳවා තැබීමේ අරමුණින්ම නිර්මාණය කළ පෙන් ඩ්‍රයිව්ද මේ වන විට වෙළඳපොල තුළ පවතී. රළු භාවිතයට හා මුරපද හෝ වෙනත් ක්‍රම මඟින් මේවාගේ දත්ත ආරක්ෂා කිරීමේ ක්‍රම පවතී. මෙවැනි ආකාරයේ පෙන් ඩ්‍රයිව් තරමක් මිල අධික වුවත් ඔබේ දත්ත සුරක්ෂිත ලෙස ගබඩා කර තැබීමට අවශ්‍ය නම් මෙය ඉතා ප්‍රයෝජනවත් වේවි. )

2. Online Storage සේවාවක අවශ්‍ය කරන ෆයිල්ස් ගබඩා කිරීම තවත් ක්‍රමයක්. Online Storage ලබා දෙන සේවාවක් වෙත ලියාපදිංචි වී තමන්ට අවශ්‍ය දේ upload කර තබා ගත හැක. මෙවැනි සේවාවක ලියාපදිංචි වූ පසු ඔබට ඔබගේ username හා password ඇතුල් කිරීමෙන් පමණක් ඔබගේ දත්ත වලට පිවිසිය හැක. මේ එසේ ලබා දෙන Online Storage සේවා කිහිපයක් හා එවාගේ නොමිලේ ලබා දෙන ඉඩ ප්‍රමාණයන් පහත දැක්කේ. ඕනෑම සේවාවක් වෙත ලියාපදිංචි වීමට සේවාව ඉදිරියේ ඇති "Register" click කරන්න.
  • Google Drive - 15GB                      REGISTER
  • Microsoft OneDrive - 15GB           REGISTER
  • Dropbox - 2GB                               REGISTER
  • Apple iCloud Drive - 5GB             REGISTER

3. දැන් කියන්නෙ පරිගණකය තුළම files සඟවන මෘදුකාංග කිහිපයක් ගැනයි. 

My LockBox



 මෙය නොමිලයේ ලබා දෙන කුඩා මෘදුකාංගයක්. මේ මෘදුකාංගයෙන් සිදු කෙරෙන්නේ ආරක්ෂිත ෆෝල්ඩරයක් සෑදීමයි. එම ෆොල්ඩරය තුළ ඔබට අවශ්‍ය දේ ගබඩා කිරීම තුළින් වෙනත් කිසිවෙකුට නොපෙනෙන සේ සැඟවිය හැකියි. My LockBox මෘදුකාංගය හරහා මුරපදය ඇතුළත් කර lock කළ පසු Windows Explorer හෝ වෙනත් ක්‍රමවලින් එය දැක ගත නොහැකි වේ. එම ෆෝල්ඩරය විවෘත කිරීමට අවශ්‍ය නම් එය කළ හැක්කේ මෘදුකාංගය හරහා මුරපදය ඇතුල් කර unlock කිරීමෙන් පමණි. 

WinMend Folder Hidden



මෙම මෘදුකාංගය හරහාද My LockBox මෙන් ෆෝල්ඩරයකට මුරපදයක් යොදා අවශ්‍ය දේ සුරක්ෂිත කර ගත හැක. නමුත් මෙම මෘදුකාංගය හරහා ෆෝල්ඩර් ඕනෑම ප්‍රමාණයක් මුරපද යොදා සුරක්ෂිත කළ හැක. එසේම එම සුරක්ෂිත කරන ෆෝල්ඩර් වෙනත් මෙහෙයුම් පද්ධතියකින් හෝ වෙනත් පරිගණකයකින් දැකගත නොහැකි වේ. එමෙන්ම USB Drive තුළ ඇති ෆෝල්ඩර් පවා මෙම මෘදුකාංගය හරහා සුරක්ෂිත කර තබා ගත හැක.

Disguise Folders



නොමිලයේ ලබා දෙන මෙම මෘදුකාංගය හරහා සුරක්ෂිත කිරීමට අවශ්‍ය ෆෝල්ඩරයේ වෙස් මාරු කිරීමක් සිදු කරයි. ඔබට සැඟවීමට අවැසි ෆෝල්ඩරය වෙත Recycle bin, Control Panel,  Windows Update වැනි අයිකනයක් ලබා දී එහි වෙස් මාරු කළ හැක. ඔබගේ ෆෝල්ඩරයට Control Panel අයිකනය ලබා දුන්නේ නම් එම ෆෝල්ඩරය විවෘත කරන විට විවෘත වන්නෙ එම ෆෝල්ඩරය නොව Control Panel වින්ඩෝවයි. එම ෆෝල්ඩරය තුළ ඇති දේ දැක ගැනීමට නම් Disguise Folders මෘදුකාංගය හරහාම එය ඕපන් කළ යුතු වේ.

4. විශ්වාසනීය ගොනු සැඟවීමේ ක්‍රම

       පෞද්ගලික හා රහසිගත දත්ත ගොනු කිසිවෙකුටත් කියවිය නොහැකි ලෙස හා කිසිම අයුරකින් ප්‍රවේශ විය නොහැකි ලෙස ආරක්ෂා කළ හැකි හොඳම ක්‍රමවේදය වන්නේ ආරක්ෂිත කේතනය (File Encryption) කිරීමයි. මෙහිදී යොදනා මුරපදයට අනුව තනා ගන්නා කේතයක්, විශේෂ ක්‍රමලේඛ විධික්‍රමයක් මඟින් සැබෑ ගොනුවේ දත්ත හා මුසුකොට එම දත්ත භාවිතා කළ නෙහැකි ආකාරයට සැකසීම සිදු වේ. නිවැරදිව මුරපදය ඇතුල් කළ විට පමණක් එම දත්ත ප්‍රත්‍යාවර්ත ලෙස සැකසී මුල් ගොනුව ලබා ගත හැකියි. මෙම ක්‍රමවේදය වෘත්තීය මට්ටමේ ආරක්ෂන උපක්‍රමයක් වන අතර රාජ්‍ය ආයතන, ආරක්ෂක හමුදා, බැංකු හා විශ්වාසනීය අන්තර්ජාල සේවාවන්හී දී ආරක්ෂාකාරීව දත්ත හුවමාරු කිරීමට භාවිතා වන්නේ Encrypt ක්‍රමවේදයයි. මෙසේ Encrypt කරන දත්ත මුරපදය නොමැතිව කිසිම අයුරකින් කිසිවෙකුට සොරගත නෙැහැකිය.
     දත්ත Encrypt කළ හැකි මෘදුකාංග ලෙස TrueCrypt හා SafeHouse යන මෘදුකාංග දැක්විය හැක. මේ ආකරයේ හොඳම මෘදුකාංගයන් මුදල් ගෙවා ලබා ගත යුතු වන අතර වඩාත් විශ්වාසනීය වේ.
TrueCrypt - 
http://adf.ly/1QO2Ey

SafeHouse - 
http://adf.ly/1QO2ZX




එසේම “නොට්පෑඩ් එකෙන් කළ හැකි වැඩ 1“ පොස්ට් එකේ සරල ෆෝල්ඩර් ලොක් එකක් හදාගන්න විධිය විස්තර කරල තියෙනවා. ඒක කියවපු නැති අය මෙතනින් ඒක කියවන්න.
http://computerwedakarayo.blogspot.com/2015/02/1.html

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.