computer tips & tricks

ඔබගේ ඡායාරූප හැකියාවෙන් නිවසේ සිටම අන්තර්ජාලෙයන් මුදල් සොයන්න

http://viahold.com/23U
     ඡායාරූප කලාව කියන්නෙ මේ වෙද්දී හැමෝම අතරෙ වේගයෙන් පැතිර තියෙන හැමෝම වගේ කරන දෙයක්. ඔබගේ ඡායාරූප විකුණා මුදලක් සොයන්න ඔබ සිතුවාද? කාලෙකට පස්සෙ ලියන මේ පෝස්ට් එකෙන් කියන්නෙ ඒ ගැන. ඔබගේ ඡායාරූප හා ග්‍රැෆික් නිර්මාණ විකුණා මුදල් සොයන්නෙ කොහොමද?
http://viahold.com/23U

      මේ ලිපියෙදි අපි සාකච්ඡා කරන්නෙ dreamstime.com කියන වෙබ් අඩවිය භාවිතයෙන් ඡායාරූප/නිර්මාණ විකිණීමක් සිදු කරන ආකාරයයි. dreamstime.com කියන්නෙ මේ ක්ෂේත්‍රෙය් ප්‍රමුඛතමයන් අතර ඉන්න කෙනෙක්. මුලින්ම මේ බෙව් අඩවියේ ගිණුමක් සාදා ගෙන ලියාපදිංචි විය යුතුයි. ඒ සඳහා පහත ලින්ක් එකෙන් පහසුවෙන්ම පිවිසිය හැකියි.
https://www.dreamstime.com/register#res10282564

එය සරල පියවර කිහිපයකින් ඔබට පහසුවෙන් සිදු කළ හැකියි. ෆොටෝ අප්ලෝඩ් කරන්නෙ කොහොමද, ගිණුමක් හදන්නෙ කොහොමද, ගිණුමෙ තොරතුරු බලන්නෙ කොහෙන්ද කියන ඒවා මම කියන්න යන්නෙ නෑ. වෙබ් අඩවිය සරලව හා පැහැදිලි නිසා ඔබට ඒ ගැන සොයාගන්න පුළුවන්.
http://viahold.com/23U

     ඡායාරූප හා ග්‍රැෆික් නිර්මාණ විකිණීම සඳහා වෙබ් අඩවියට එක් කිරීමට පෙර ඔබ දැන ගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඒ ගැන සඳහන් කරන්නම්,
  • ඔබගේ පෞද්ගලික නිර්මාණයක් විය යුතු අතර එහි සියළුම අයිතීන් ඔබ සතු විය යුතුයි.
  • මෙගාපික්සල් 3කට වැඩි රෙසලූෂන් එකක් තිබිය යුතුයි.
  • RGB ලෙස පැවතිය යුතු අතර ඉහළම ගුණයෙන් යුතු JPG ලෙස සේව් කළ යුතුයි(100% හෝ 12 මට්ටම)
  • පුද්ලයන් හඳුනාගත හැකි ලෙස ඇති සියළුම ඡායාරූප සඳහා Model Release එකක් තිබිය යුතුයි.
  • නිර්මාණ සඳහා මුල් පිටපත Property Release ප්‍රදේශයේදී උඩුගත කරන්න. (නැතහොත් එය තමන්ගේම නිර්මාණයක් බව Admin ප්‍රදේශයේදී සඳහන් කරන්න)
  • සැළකිළිමත් ලෙස බලා  ඡායාරූප වල කතුහිමිකම් ඇති වෙළඳ ප්‍රචාරණයන්, ලාංජන, චිත්‍රපට හා කාටූන් චරිත ආදී දේ නැති බව තහවුරු කරගන්න.
  •  ඡායාරූප වල මෙම මාර්ගෝපදේශ ලැයිස්තුවේ ඇති දෝෂ නැති විය යුතුය.
  • අනවශ්‍ය නිරුවත් ඡායාරූප, මත්ද්‍රව්‍ය, අකර්මන්‍ය ස්ථාන හි ඉන්නා පුද්ගලයන්, වර්ගවාදය වැනි අප්‍රසන්න දේ ඇති ඡායාරූප උඩුගත කිරීමෙන් වළකින්න.
  • ඔබගේ ඡායාරූපයට, එය විස්තර කරමින් එයට අදාලව එක් වචනයකට වැඩි විස්තරයක් එක් කරන්න.
  • ඡායාරූප මාතෘකාව හා විස්තරයේ සියළු අකුරු කැපිටල් අකුරු නොවිය යුතුය.
  •  Model Release ගොනු JPG හෝ PDF ආකාරයෙන් පමණක් තිබිය යුතුය. ගොනු නාමයන් සංකේත රහිතව අකුරු හෝ අංක වලින් පමණක් තිබිය යුතුය.
මේ සියළු දේට අනුකූලව ඔබගේ ඡායාරූප හෝ නිර්මාණ උඩුගත කළ යුතුය. එසේ නොවුනහොත් දෝෂය නිවැරදි කර නැවත උඩුගත කළ යුතුවේ. ඡායාරූප/නිර්මාණ
http://viahold.com/23U
අනුමත කරන තුරු එය වෙබ් අඩවියේ දිස් නොවේ.
     ඔබගේ ඡායාරූප මාතෘකාව, විස්තරය වඩාත් සිත් ගන්නා සෙවීමේදී පහසුවෙන් දිස්විය හැකි ලෙස තබන්න. මන්ද ඔබගේ ඡායාරූපය පහසුවෙන් ඕනෑම තැනක දිස්වන විට එය විකිණීමට ඇති හැකියාව වැඩියි.
වැඩි විස්තර මෙම පහත ලින්ක් වලින් ලබා ගත හැකිය.
https://www.dreamstime.com/register#res10282564


ආශ්‍රිත අනෙකුත් අපගේ ලිපි:-
  1. ලින්ක් කෙටිකර මුදල් සොයන්න.
  2. නිවැරදිව හා සාර්ථකව ඇඩ් ක්ලික් කර මුදල් සොයන්න.
  3. නොමිලේම ඔන්ලයින් ඩිප්ලොමා පාඨමාලවක් හදාරන්න.

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.